ගුරුවරියන් උද්ඝෝෂණය කරයි - ගුරුවරුන් හා දෙමව්පියන් පාරට

Report

ඊයේ (22) දින වතුකරයේ පෙර පාසල් ගුරුවරියන්, පාලිකාවන් සහ එම පෙර පාසල්වල අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ දෙමව්පියන් එක්ව හැටන් නගරයේ උද්ඝෝෂණයක් පවත්වා ඇත.

මෙම පා ගමනය සහ උද්ගෝෂණයට වතු කරයේ පෙර පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු කරන පෙර පාසල් පාලිකාවන් විශාල පිරිසක් සහභාගි වූ අතර මලයගම් පෙර පාසල් ගුරු සංසදය මගින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

දෙමව්පියන්ගෙන් පාසලට සල්ලි ගන්න එපා - ගුරු සංගමය දෙමව්පියන් වෙනුවෙන්

දෙමව්පියන්ගෙන් පාසලට සල්ලි ගන්න එපා - ගුරු සංගමය දෙමව්පියන් වෙනුවෙන්

නුවරඑලිය දිස්ත්‍රික්කයේ සෑම වතුයායකම වතු පරිපාලනය මගින් ලබා දුන් ගොඩනැගිල්ලක පෙරපාසල් පවත්වාගෙන යන බවත්, එසේ පවත්වාගෙන යන පෙරපාසල් වලට ඇතැම් වතුවල පාලන අධිකාරිය විසින් සිදු කරන බලපෑම් හමුවේ පෙර පාසල් පවත්වාගෙන යැමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් මෙම විරෝධතායේදි අදහස් දැක්වු මලයගම් පෙර පාසල් ගුරු සංසදයේ නිළධාරින් සහ පෙර පාසල් පාලිකාවන් පැවසුවේය.

ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ රජයේ ලියාපදිංචි වතු ආශ්‍රිත පෙර පාසල් පාලිකාවන්ට රු.6000ක දීමනාවක් ලැබන බවත්, එසේ දීමනාව නොලබන පෙර පාසල් පාලිකාවන්ට එම පෙර පාසල්වල අධ්‍යාපනය ලබන දෙමවව්පයන්ගෙන් ලැබෙන මුදලින් පෙර පාසල පවත්වාගෙන යන බවයි.

සාමාන්‍ය පෙළ විභාගයට ගිය සිසුන් අතර ගැටුමක් - රෝහලෙන් ඇවිත් විභාගේ ලියලා

සාමාන්‍ය පෙළ විභාගයට ගිය සිසුන් අතර ගැටුමක් - රෝහලෙන් ඇවිත් විභාගේ ලියලා

එමෙන්ම විරෝධතාවයේ නියැලි සිටි පෙර පාසල් පාලිකාවන් කියා සිටියේ වතු පාලන අධිකාරියෙන් පෙර පාසල පවත්වාගෙන යැමට ගොඩනැගිල්ල පමණක් ලබා දී ඇති බවත්, වතු පාලන අධිකාරිය මගින් පෙර පාසල පවත්වාගන යැමට හෝ පාලිකාවන්ට කිසිදු දිමනාවක් ලබා නොදෙන බවයි.

හැටන් බස් නැවතුම්පොලින් පෙළපාලියකින් ගමන් ආරම්භ කල පෙර පාසල් පාලිකාවන් සහ දෙමව්පියන් නගර මධ්‍යයෙන් හැටන් ෆෘඩ් සිටි ගොඩනැගිල්ල වෙත පැමිණ උද්ඝෝෂණය කළේය.

ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නන්ට සුභ ආරංචියක් - මේ දැන් කොළඹට

ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නන්ට සුභ ආරංචියක් - මේ දැන් කොළඹට

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

Gallery