ඔන්ලයින් ඉගැන්වීම් සම්බන්ධයෙන් ගුරු සමිති ගත් තීරණය

teaching online kothlavala johsap staly yalvala pannasekara thero
By Sewvandhi Jul 18, 2021 10:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක කිරිමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා, ගුරු වැටුප් විෂමතා ගැටලුව විසදීම සහ කොතලාවල පනත අහෝසි කිරීම සිදුකරන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි අද (18) පැවැති මාධ්‍ය හමුවක දි සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පුජ්‍ය යාල්වල පඤ්ඥාසේකර හිමි ප්‍රකාශ කළේ.

ඒ අනුව එළඹෙන ජුලි මස 22 වන දින කොළඹ දී දිවයිනේ සිටින සියලුම ගුරු – විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකිරීමට නියමිත බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අද පැවති මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් දක්වා සිටියා.

“ඔන්ලයින් ක්‍රියාවලියෙන් ඉවත්වීම යන කාරණාව රාජකාරීමය කාරණාවක් නෙමෙයි. ආණ්ඩුව මාර්තු 12 සිට අවුරුද්දකුත් මාස 4ක කාලයක් මේ රටේ දරුවන් ට කිසිදු අධ්‍යාපනයක් ලබාදීමේ ක්‍රමවේදයක හිටියේ නෑ. ඔන්ලයින් කරේ ගුරුවරු හා විදුහල්පතිවරු තමන්ගේ ම මුදලින්, තමන්ගේම උපකරණවලින් පමණයි. ආණ්ඩුව කිසිම දෙයක් කරලා නෑ. කරේ මොකද්ද අධීක්ෂණය කියලා බලෙන් කිරීම. එම ක්‍රියාවලියත් අපි ගුරු – විදුහල්පති සමිතිය ලෙස බැහැර කළා. එහි ප්‍රතිඵලය ලෙස අපි ඔන්න ඔන්ලයින්වලින් අධ්‍යාපනය කළා කියලා කිව්වා. නමුත් ආණ්ඩුව ලැජ්ජා වෙන්න ඕනේ, ඔන්ලයින් සඳහා සහභාගී කර ගත හැකි වුණේ 43 ලක්ෂයක් ළමයින්ගෙන් සියයට 40ක් පමණයි. සියයට 60කට කිසිදු පහසුකමක් නෑ.“


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha