ස්ටාලින් නිදහස් කළත්, ඔන්ලයින් ගුරු වර්ජනය අඛණ්ඩව

strike quarantine dumindha nagamuva johsap ataly onlne class
By Sewvandhi Jul 17, 2021 02:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිරෝධායනයට යොමු කර සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිස මුදා හැරියද තම වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියටත් සිදුකරන බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.

ඒ අනුව වැටුප් ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ගුරු වෘත්තීය සමිති 14 ක් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වී ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 06 වන දිනටත් ක්‍රියාත්මකයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා දැක්වීමේදී නිරෝධායන නිතී කඩ කළ බවට චෝදනා කරමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ඇතුළු 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැරීමෙන් පසු නිරෝධායනයට යොමු කරනු ලැබුවේ පසුගිය 08 වැනිදායි.

දින 09 ක් මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි මෙම පිරිස ද ඊයේ පස්වරුවේ එම ස්ථානයෙන් මුදාහරිනු ලැබුවා.

වෘත්තීය සමිති නියෝජිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වලින් මුදා හැරියද තම වැටුප් විෂමතා ඇතුළු ඉල්ලිම් සඳහාද නිසි විසඳුම් ලබාදීමට රජය පියවර ගන්නා තුරු වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha