රට ගොඩ ගන්නා අලුත් ක්‍රමයක් ගැන සෝභිත හිමියන් දැනුම් දෙයි...
ආගමික සිද්ධස්ථාන සතුව ඇති ධනය මහා භාණ්ඩාගාරයට පරිත්‍යාග කරන්නේ නම් පවතින ආර්ථික අර්බුදයට යම් ප්‍රමාණයක හෝ පිළිසරණක් වනු ඇතැයි ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ, මෙම අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා සියලු ආගමික නායකයින් එකට එක් විය යුතු බව යි.
එවැනි පරිත්‍යාගයක් සිදු කරන්නේ නම්, විධිමත් වැඩපිළිවෙළක් යටතේ සිදු කළ යුතු බව උන්වහන්සේ අවධාරණය කළා. උන්වහන්සේ පෙන්වා දුන්නේ එසේ නොවුණහොත් එම ධනය ද දේශපාලඥයින්ගේ ග්‍රහණයට නතු වනු ඇති බවයි.
"බරපතළ ආර්ථික අර්බුදයකට රට මුහුණ පාලා තිබෙනවා. ප්‍රධානතම ප්‍රශ්නය මහා භාණ්ඩාගාරය හිස්වේ ගෙන යනවා.
මේ අවස්ථාවේ කටයුතු කළ අයුරු පිළිබඳව පූර්වාදර්ශ තියෙනවා. 2007 අවුරුද්දේ තායිලන්තයේ රජය මේ ආර්ථික අර්බුදයට මුහුණ දුන්නට පස්සේ භික්ෂූන් වහන්සේලා ඉදිරිත් වෙලා විහාරස්ථාන සතුව පැවතුණු ධනය රජයට භාර දුන්නා.
ඒ ඒ ආයතන සතුව තිබුණු රත්‍රන් රාජ්‍ය භාණ්ඩාගාරයට භාර දුන්නා. මේ ආදර්ශය අපිට මේ වෙලාවේ ගැනීම සුදුසුයි කියන බව අපට යෝජනා කරන්න සිද්ධවෙලා තියෙනවා.
බෞද්ධ අබෞද්ධ සෑම සිද්ධස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා,
විශාල වශයෙන් ධන සම්පත් තියෙන. ඒ ධන සම්භාර තියෙන ආගමික ස්ථානවලින් මහා භාණ්ඩාගාරයට යම් පරිත්‍යාගයක් ඉදිරිපත් පිරිනැමුනොත් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න යම් ප්‍රමාණයක පිළිසරණක් ලැබෙයි කියන විශ්වාසය අප තුළ තියෙනවා.
විශේෂයෙන් ම, රත්‍රන් වැනි සම්පත් මහා භාණ්ඩාගාරයේ තැන්පත් කිරීම මගින්. මෙවන් පරිත්‍යාගයක් සිදු කරනවා නම් නිකම් ම නිකම් සිදු කරන්න නෙමෙයි අපි කියන්නේ.
ආගමික නායක උතුමන් කරුණාකරලා එකතු වෙන්න ඕනේ, එකතු වෙලා යම් උපදේශන කමිටුවක් හැදෙන්න ඕනේ.
ඒ උපදේශන කමිටුවේ උපදෙස් මේ පාලකයින්ට ලබා දෙන්න ඕනේ. පාලකයන් විනයානුකූල පැවැත්මකට නතු කර ගන්න ඕනේ. එසේ නතු කරගෙන යම් පොරොන්දු පත්‍රයක් යටතේ යම් විනයානුගත වැඩපිළිවෙළක් යටතේ තමයි එවන් පරිත්‍යාගයක් කරන්න ඕනේ.
එහෙම නැතුව නිකම් ම දුන්නොත් වෙන්නේ ඇත්ත වශයෙන් ම ඒ සම්පත් ප්‍රමාණයත් දේශපාලකයින්ගේ ග්‍රහණයට අහුවේවි කියලා අපට ත් සැක තියෙනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
