ෆේස්බුක් එකෙන් ජනාධිපතිට සහ රජයට මඩ ගහපු පොලිස් නිලධාරියාට වැඩ වරදී
ජනාධිපතිවරයා සහ රජය අපහසුතාවට පත්වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර සිදුකළ බවට සැක කෙරෙන පොලිස් නිලධාරියෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අදාළ නිලධාරියා අද (31) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පරිගණක විමර්ශන අංශය විසින් සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ
පොලීසිය සදහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ බව කියන ප්‍රචාර සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරු මත ඒ පිළිබඳ විමර්ශන කටයුතු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදී තිබූ බවයි.
විමර්ශනවලට අනුව අත්අඩංගුවට ගත් සැකකාර නිලධාරියා ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට අනියුක්තව සේවය කළ අයෙක් වේ සැකකාර පොලිස් නිලධාරියා අද (31) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරයි.