මුදල් වංචා කල සහකාර අතිරේක ලේකම්වරියක් අත්අඩංගුවට

Report

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අතිරේක ලේකම්වරියක් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ.

අති සුඛෝපභෝගී වාහනයක් සහනදායී මිලකට ලබා දෙන බව පවසා රුපියල් දෙකෝටි විසි හත් ලක්ෂයක මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුව සිදු වී ඇත.

දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි නිලධාරිනිය වන මෙම සැකකාරිය, කොළඹ ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු විසින් පසුගිය 2025 දෙසැම්බර් මාසයේදී කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන ඇත.

ගෝඨාභය රාජපක්ෂගේ බරපතළ නඩුවක් නිසා පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් - නඩුව පවරන්නේ නැත්තේ ඩීල් එකක් නිසාද?

ගෝඨාභය රාජපක්ෂගේ බරපතළ නඩුවක් නිසා පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් - නඩුව පවරන්නේ නැත්තේ ඩීල් එකක් නිසාද?

මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, සැකකාරිය මීට මාස හතකට පමණ පෙර වරාය හා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවය කරමින් සිටි අවධියේදී පැමිණිලිකරු වෛද්‍යවරයාගෙන් මුදල් ලබාගෙන, වරාය පරිශ්‍රයේ වෙන්දේසි සඳහා යොදා ගන්නා වාහන සහනදායී මිලකට ලබා දිය හැකි බව පවසා ඇති බවයි.

පසුව වාහනය හෝ මුදල් ආපසු ලබා නොදී මගහැර ගොස් ඇති අතර, එම නිසා වෛද්‍යවරයා විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද (20) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජිත වර්ණප්‍රිය මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් හෙළිදරව්වක්

අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් හෙළිදරව්වක්

පාතාලෙට සම්බන්ධ ලොක්කෝ රැසක් මාට්ටු - පද්මේගේ ෆෝන් එකෙන් ඔක්කොම පැටිකිරි එළියට ආව හැටි ආරක්ෂක ඇමති හෙළි කරයි

පාතාලෙට සම්බන්ධ ලොක්කෝ රැසක් මාට්ටු - පද්මේගේ ෆෝන් එකෙන් ඔක්කොම පැටිකිරි එළියට ආව හැටි ආරක්ෂක ඇමති හෙළි කරයි