ලුණුවිලදී ගිං ඔයට කඩා වැටුණු හෙලිකොප්ටරේ සහාය නියමුවා සිදුවූ සියල්ල අධිකරණයට කියයි

Report

වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේදී ගිං ඔයට කඩා වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයේ කාර්මික දෝශයක් ඇතිව ඇති බව, එම යානයේ සහායක ගුවන් නියමු ලෙෆ්ටිනන් එරංග චාමර ඒකනායක අද (09) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

විපතට පත්වූවන්ට සහන සැපයීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් භාවිතා කරමින් මෙහෙයුම් සිදුකරමින් සිටියදී, එය 2025 නොවැම්බර් 30 වැනිදා වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේදී අවාසනාවන්ත ලෙස ගිං ඔයට කඩාවැටුණි. අනතුරෙන් ප්‍රධාන ගුවන් නියමු වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය (වයස 41) දිවි අහිමි විය.

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න

යානය කඩාවැටීම සම්බන්ධ නීති කෘත්‍ය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට ඊයේ කැඳවනු ලැබිය.

එහිදී, සහායක ගුවන් නියමු ලෙෆ්ටිනන් එරංග චාමර ඒකනායක අධිකරණයට සාක්ෂි ලබාදී, අනතුරට හේතු වූ කාර්මික දෝෂ පිළිබඳව විස්තර කළේය.

''ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලද නියෝගයකට අනුව විපතට පත්වූවන්ට වියළි ආහාර ලබාදීමට පසුගිය 30 වැනිදා හවස 5ට විතර අපි කටුනායක ගුවන් හමුදා කඳවුරෙන් බෙල් 212 හෙලිකොප්ටර් යානයෙන් ගුවන්ගත වුණා. වෙන්නප්පුවට ඉහළ අහසේ සිට යානය තරමක් පහත් කරනවාත් සමඟම ගිං ඔය පාලම මත සහ ඒ අවට සිටි පිරිස් දෑත් වනමින් අධාර ඉල්ලා සිටියා. පාලම මතට හෝ මාර්ගය මතට යානය ගොඩබැස්සවීමට හැකියාව තිබුණේ නැහැ.

ඊට හේතුව පාලම මත විශාල පිරිසක් සිටීම සහ ඒ අසළින් අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් පැවතීමයි. කෙසේවෙතත් අපි එහිදී අත වනමින් සිටි ජනතාවට වියළි ආහාර සහිත පැකට් පාර්සලයක් මුදාහැරියා. සුදුසු ස්ථානයක යානය ගොඩබැස්වීමට උත්සාහ කළ අවස්ථාවේදී එහි කාර්මික දෝශයක් පවතින බවට ප්‍රධාන ගුවන් නියමු නිර්මාල් සියඹලාපිටියට සහ මට හැඟීගියා. ආපදාවක් නොමැතිව සුදුසු ස්ථානයකට ගොඩබැස්වීමට උත්සාහ කරමින් ප්‍රධාන ගුවන් නියමුවා යානය හරවනවාත් සමගම එය එක්වරම ගිං ඔයට කඩාවැටුණා. මහත් පරිශ්‍රමයකින් ඉන් පිටතට පැමිණි මමත් සෙසු ගුවන් හමුදා සාමාජිකයින් තිදෙනාත්, සිරවී සිටි ප්‍රධාන ගුවන් නියමුවාගේ බඳ පටි ඉවත් කර කඩිනමින් ඔහු මාරවිල මූලික රෝහලට පිටත්කර යැව්වා''

ඉදිරිපත් වූ සාක්ෂි සළකා බැලූ මාරවිල මහේස්ත්‍රාත් දිනිඳු සමරසිංහ මහතා විමර්ශන තවදුරටත් විධිමත් කරන ලෙසට උපදෙස් ලබාදුන් අතර විමර්ශනවල ප්‍රගතිය විමසීම සඳහා නඩුව නැවත කැඳවීමටද නියෝග කළේය. 

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි