ලබන 31 දින සිට වසා දමන අංශ මෙන්න..තවත් 60ක් වසා දැමීමේ දැඩි අවධානමක්..

Australia Sri Lanka Dollar problem Irak Norwe
By Aruna Mar 21, 2022 06:23 AM GMT
Aruna

Aruna

Report


ඩොලර් හිගය හේතුවෙන් විදේශ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජෙනරාල් කාර්යාලයක් වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, නෝර්වේ ඔස්ලෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලය ලබන 31 වැනිදා සිට වසා දැමීමට නියමිත බවයි පැවසෙන්නේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතළ විදේශ විනිමය අර්බුදය හේතුවෙනි.

එම රටවල වසාදමන කාර්යාලවල රාජතාන්ත්‍රික කටයුතු පවත්වාගෙන යාම ආසන්නයේ පිහිටි රටවල තානාපති කාර්යාල සහ කොන්සල් ජනරාල් කාර්යාල වෙත පැවරීමට කටයුතු කර ඇත.

ශ‍්‍රී ලංකාව මේ වනවිට විදේශ රටවල දූත මණ්ඩල හැට තුනක් පවත්වාගෙන යන අතර මෙම කාර්යාල වසා දැමීමත් සමග එය 60 දක්වා අඩු වෙයි.

ඩොලර් හිගය හේතුවෙන් එම දූත මණ්ඩල කාර්යාල 60 ද පවත්වාගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ආරංචි මාර්ග වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now