වනාන්තරයකින් හමු වූ පුදුම සහගත මායා නගරය

Mexico
By Sewvandhi Jul 29, 2023 11:25 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වසර 1,000 කට පෙර අතහැර දමා ඇති නගරයක් මෙක්සිකෝවේ යුකැටන් අර්ධද්වීපයේ කැම්පෙචේ වනාන්තරයට ඉහළින් සිදු කළ පැය හතරක ගුවන් ගමනකදී ලේසර් සිතියම්ගත කිරීමක් මගින් හමුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, හූස්ටන් විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු වන Juan Carlos Fernandez-Diaz විසින් එක දිනක් තුළ ප්‍රදේශයේ ගුවනින් සිදුකළ පුරාවිද්‍යා සමීක්ෂණයක් අතරතුර මෙම නගරය සොයාගත් බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මායා නගරය සොයා ගැනීමෙන් පසුව පුරාවිද්‍යාඥයින් විසින් එම නගරය Ocomtun ලෙස නම් කර ඇති බවයි.

එම ස්ථානය ඔවුන් විසින් කාලයක් සමීක්ෂණය කළ අතර අඩි 50ක උසින් යුක්ත වන පිරමිඩ ද එම ස්ථානයෙන් හමු වී තිබෙනවා.

එමෙන්ම වසර 600කට වඩා පැරණි ඓතිහාසික මැටි භාණ්ඩ සහ කැටයම්ද හමු වී වී ඇති අතර මායා ශිෂ්ටාචාරයේ අවසාන යුගයේ තිබූ නගරයක් ලෙසයි පුරාවිද්‍යාඥයින් Ocomtun නගරය ගැන වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ReeCha