නුවරඑළිය තැපැල් කාර්‍යාලය සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක්
Nuwara Eliya
Sri Lanka
By Sewvandhi
සර්ව ආගමික නායකයන් ඇතුලු පිරිසක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත, නුවරඑළිය තැපැල් කාර්යාලය වෙනත් කිසිදු ව්‍යාපාර අරමුණකට භාරනොදී සංරක්ෂණය කරදෙන මෙන් ඉල්ලා සන්දේශයක් භාරදී තිබේ.
එම සංදේශය භාරදී ඇත්තේ, තැපැල් හා විදුලි සංදේශ වෘත්තිය සමිති සහ රාජ්‍ය අංශය නියෝජනය කරන සියලු වෘත්තීය සමිති නියෝජිතයන් සහ ජනතාවගේ අත්සන් යුතුවයි.
එම පිරිස එහිදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගෙන් අදාළ සංදේශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් ද කර තිබේ.