රියදුරු හදිසියේ අසනීප වෙයි, බස් රථය ප්‍රපාතයකට පෙරළෙයි(PHOTOS) (VIDEO)

accident nuwara eliya ragala hyforest mahakudugala
By Sewvandhi Apr 29, 2021 08:24 AM GMT
Report

නුවරඑළිය, හයිපොරස්ට් ප්‍රදේශයේ සිට රාගල දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සාගොස් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 15දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ මගීන් නුවරඑළිය මහ රෝහලට සහ හයිපොරස්ට් ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව රාගල පොලීසිය පැවසිය. අද (29) උදෑසන 11.30ට පමණ එම අනතුර සිදුව ඇත්තේ, හයිපොරස්ට් රාගල ප්‍රධාන මාර්ගයේ, මහතුඩුගල ආසන්නයේදීය.

අනතුරෙන් තුවාල ලැබු තුවාලකරුවන් ප්‍රදේශවාසින්ගේද සහය ඇතිව රෝහල් ගතකළ බවත්, රෝහල් ගතකළ තුවාලකරුවන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන රාගල පොලීසිය සඳහන් කරයි.

බස් රථය ධාවනය කළ රියදුරාට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ධාවනය වෙමින් තිබු බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් එම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

ඡායාරූප-: Accident 1St

රියදුරු හදිසියේ අසනීප වෙයි, බස් රථය ප්‍රපාතයකට පෙරළෙයි(PHOTOS) (VIDEO) | Nuwara Eliya Accident

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join now