යල කන්නයේ පොහොර ගැන කෘෂිකර්ම ඇමති ලාල් කාන්තගෙන් හෙළිදරව්වක්

Report

මෙවර යල කන්නයේදී කිසිදු භෝගයකට පොහොර හිඟයක් ඇති නොවන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සදහන් කර තිබේ.

ගන්නොරුව ජාතික තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ පැවති පොහොර ක්ෂේත්‍රයට අදාළ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

දැනට යල කන්නයට අවශ්‍ය පොහොර තොග රට තුළ පවතින අතර, ඒවා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදාහැරීම සිදුකරමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම, රජයේ ඉල්ලීමක් මත තාවකාලිකව නතර කර තිබූ පෞද්ගලික අංශයේ පොහොර බෙදාහැරීම්ද යළි සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට තීරණය කර ඇති බවද ඔහු පැවසීය.

අල්ලස් දැලට කොටවූ කුරුණෑගල නි. නගරාධිපතිට පක්ෂ සාමාජිකත්වය නැතිවෙයි

අල්ලස් දැලට කොටවූ කුරුණෑගල නි. නගරාධිපතිට පක්ෂ සාමාජිකත්වය නැතිවෙයි

අමාත්‍යවරයා අවධාරණය කළේ යම් ප්‍රදේශවල බෙදාහැරීමේ ප්‍රමාදයන් පවතින නමුත්, ඒවා විසඳා ඉදිරියේදී කිසිදු බාධාවකින් තොරව පොහොර සැපයීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.

එමෙන්ම පොහොර සම්බන්ධයෙන් අසත්‍ය සහ නොමඟ යවන ප්‍රකාශ පතුරුවන පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළේය.

තවද ඉදිරි කන්නයට අවශ්‍ය පොහොර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය මේ වනවිට ලබාදී ඇති අතර, රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව එම කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

රටම කළඹපු කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද

රටම කළඹපු කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද

 අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ වැඩි ඵලදායීතාවක් සහිත නව පරම්පරාවේ පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ පස පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොහොර යෙදීම තවදුරටත් පුළුල් කිරීමටද මෙහිදී තීරණය කළ බවයි.