කොටු කැපුවොත් වැඩ වරදී
ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දිනුම් අදින මහජන සම්පත ලොතරැයි දිනුමේ ජයග්රාහි අංක අනුමාන කරමින් 'කොටු කැපීම' නමැති නීති විරෝධි සූදුවක් ක්‍රියාත්මක කළ දෙදෙනකුට බිබිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
මාස 2ක සක්‍රිය සිරදඬුවමක් සහ මාස 8ක අත්හිටුවූ සිරදඬුවමක් ලෙස එසේ දඬුවම් නියම වූයේ මැදගම, මීගහවතුර පදිංචි කේ.එම්. අජිත් බණ්ඩාර සහ මැදගම, මියනකඳුර, කොටබෝව පාර, 2 කණුවේ පදිංචි ජේ.ජී. මංගල ප්‍රසාද් දමිත් කුමාර නමැති දෙදෙනකුටය.
මහජන සම්පත ලොතරැයි දිනුමේ ජයග්රාහි අංක අනුමාන කරමින්,පවත්වාගෙන යනු ලබන මෙම සූදුව වැටලීම සඳහා ඉදිරියටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.