සජිත අයියා මාව බදාගත්ත සතුටට මං දවස් ගාණක් නෑවෙත් නෑ” - නිම්මි කියන අමුතු කතාව..
කාලයෙන් කාලයට බිහිවන තරු ගැන හැමෝම වගේ කතාබහට ලක්කරනවා.
විශේෂයෙන්ම කාලයෙන් කාලයට ජනප්‍රිය චරිත බිහිවෙනවනේ. ඉතින් එහෙම බිහිවෙන තරු සමහරක් මගදී බැස යනවත් දැකගන්න ලැබෙනවා.
නමුත් සමහර තරු බොහෝ කාලයක් ජනතා ආදරය එක්කම රැදී සිටින අතර එහෙම හැමෝම හදුනගත්ත ජනප්‍රිය තරුවක් සහ චරිතයක් ගැන තමයි මේ කියන්නේ.
ඒ තමයි පොඩ්ඩි. නාඩගම්කාරයෝ පොඩ්ඩි. ඇය තමයි නිම්මි මනෝහාරී.
කටකාර පොඩ්ඩි කියලා තමයි හැමෝම මෙයාට කියන්නේ.
ඒ කටකාර බව නිසාම ඇයගේ චරිතය තවත් සුන්දර වෙනවා වගේම ආදරණිය වෙන අතර නිම්මිගේ පළමු ටෙලි නිර්මාණය තමයි මෙය.
ඒ කොහොම නමුත් ඇය ඒ චරිතයට උපරිම සාධාරණය ඉටු කරලා තියනවා. විශේෂයෙන්ම රංගන ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත රැසක් එක්ක තමයි ඇය රංගනයේ යෙදෙන්නේ.
නාඩගම්කාරයෝ ඇතුළතදි සහ ඉන් එහා ක්ෂේත්‍රයේ දිග ගමනක් යන්න නිම්මිට අවස්ථාව උදාවෙලා තියනවා.
ඒ වෙනුවෙන් රංගනය හොඳින් ඉගෙන ගන්නත් ඈ සුදානම්ලූ.
නිම්මි රඟපාන්න කලින් නිවේදිකාවක්.
ඒ නිසා ඈට මේ ක්ෂේත්‍රය බොහෝම හුරුපුරුදු එකක්.
පසුගිය දවසක ඈ වැඩසටහනකට එක්වෙමින් අදහස් දැක්වීමක් සිදු කළා.
එහිදී ඇය ආසම චරිතය ලෙස ඇය ශිහාන් මිහිරංගගේ නම කිව්වා. ඇය ඉදිරියට ශිහාන් ආවොත් ඇයට ඒක අදහා ගන්න බැරි වෙයි කිව්වා.
ඒ වගේම ඇය සජිත අනුත්තර ඇන්තනීට ප්‍රිය කරන බවත් එක් නාට්‍යකදී ඇයට සෙනාලි ෆොන්සේකා විසින් හදුන්වා දුන් බවත් සඳහන් කළා.
එම අවස්ථාවේදී සජිත විසින් ඇයව බදා ගත් බවත් ඉන්පසු ඇය සෙනාලිට කිව්වලු මම අද නම් නාන්නේ නැහැ කියලා.
