ප්‍රවීණ නිලි නිල්මිණී තෙන්නකෝන්ගේ උපන්දිනය ආදරණීය දියණියයි පවුලේ අයයි එක්ක ජයටම සැමරූ හැටි (PHOTOS)
අපේ කලා ලෝකයේ ඉන්න නිරන්තරයෙන්ම අහිංසක සිනහවකින් මුහුණ සරසාගෙන ඉන්න රටක් ආදරය කරන සුන්දර ප්‍රවීණ රංගන ශිල්පිනියක් වගේම ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක් තමයි නිලිමිණී තෙන්නකෝන් කියලා කියන්නේ. ඉතින් නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් මෙන්ම රිදී තිරයෙන් දැකගන්නට ලැබෙන ඇය ඉපදිලා තියෙන්නේ 1965 වර්ෂයේ ජනවාරි 23 වන දිනයි.
ඉතින් ඒ වගේම ඇය අධ්‍යාපනය ලබලා තියෙන්නේ වේල්ස් කුමර විද්‍යාලයෙන්. ඒ වගේම ඇයගේ ආදරණීය සුරූපී දියණිය තමයි ස්වේතා මන්දාකිනි. ඉතින් නිල්මිණි සහ ඇයගේ සුන්දර දියණිය ගැනත් නිරන්තරයෙන්ම සාමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙනවා.
ඉතින් දැන් ඇය අලුතෙන් සැලෝන් එකක් පටන් අරන් එ්කේ වැඩකටයුතු හොඳින් කරගෙන යනවා කියලා තමයි ආරංචිය. ඉතින් මේ වසංගත තත්වය නිසා විවේකයක් ලැබෙන අවස්ථාවල ඇය හරි හරියට පොත් කියවනවලු. ඒ වගේම තමයි චිත්‍රපට බලනවලු. ඒ දේවල් කරද්දී ඇයට පාළුවක් තනිකමක් දැනෙන්නේ නෑ කියලා තමයි ඇය කියන්නේ.
ඉතින් ගිය ආත්මේ ඇය මොකක් හෝ අකුසලයක් කරන්නට ඇතිලු විවාහ ජීවිතය අසාර්ථක වෙන්න. නමුත් ඇය දැන් හිතනවලු දුවත් එක්ක තනියම ජීවත් වෙන්න ලැබීමත් දාහෙන් සම්පතක් නේද කියලා. ඇගේ විවාහ ජීවිතයෙන් ඇයට ලැබුණු වටිනාම තෑග්ග ඇයගේ ආදරණීය දුව කියලා තමයි ඇය කියන්නේ. ඉතින් ඇගේ දුවට හොඳ අම්මා කෙනෙක් වෙන එක තමයිලු ඇගේ එකම බලාපොරොත්තුව.
ඉතින් ඒ වගේම රංගන ජීවිතයේ සාර්ථකත්වයක් ලබපු ඇය දැන් සමාජ සේවා කටයුතු වලිනුත් ලබාගෙන තියනවා කිවුවොත් හරියටම හරි. කොහොම නමුත් මේ රටක් ආදරය කරන රංගන ශිල්පිනියගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් පවුලේ හැමෝමත් එකතු කරගෙන බොහොම අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් ඒ වගේම ඇයගේ උපන්දිනය වෙනුවෙන් ඇයට සුබ පැතූ හැමෝම වෙනුවෙන් ඇය සටහනක් එක් කරමින් ස්තුති කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි. මගේ උපන්දිනයට සුභ පැතුම් එකතු කරපු මගේ ආදරණීයන්ට ස්තුතියි. මම ආදරෙයි කියලයි ඇය ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වල සටහනක් එකතු කරමින් පවසලා තිබුනේ.
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |