මැදපෙරදිග යුද්ධෙන් ලෝකෙටම වෙන්න යන විනාසේ - අප්‍රේල් 14 ට කළින්ම IMF එකෙන් අනතුරු ඇඟවීමක්
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය උද්ධමනය ඉහළ යන අතර ආර්ථික වර්ධනය මන්දගාමී වනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා ප්‍රකාශ කරයි.
ඒ අනුව ලබන සතියේ ගෝලීය මූල්‍ය ආයතනය විසින් නිකුත් කිරීමට නියමිත ලෝක ආර්ථික පුරෝකථනයට පෙර ඇය මෙම අදහස් දැක්වීම සිදු කර ඇති බව සඳහන්.
එසේම ලෝකයේ තෙල් සහ ගෑස් අවශ්‍යතාවයෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය, ඉරානය විසින් අවහිර කිරීම නිසා ගෝලීය බලශක්ති සැපයුමට මෙතෙක් සිදු වූ දරුණුතම බාධාව සිදුව ඇති බවද ඇය පෙන්වා දෙයි.
කෙසේ වෙතත් අප්‍රේල් 14 වැනිදා නිකුත් කිරීමට නියමිත ලෝක ආර්ථික දර්ශකය (World Economic Outlook) හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විවිධ ආර්ථික තත්ත්වයන් පිළිබඳ පුරෝකථනයන් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මීට පෙර විශේෂඥයින් දක්වා තිබුණේ යුද්ධය හේතුවෙන් ඇති වූ බලපෑම සහ මූල්‍ය කොන්දේසි දැඩි වීම නිසා ආර්ථික වර්ධන වේගය පහත හෙළීමක් සිදුවිය හැකි බවයි.
මේ අතර ජෝර්ජියේවා මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ යුද්ධය ඇති නොවූයේ නම්, වසංගතයෙන් පසු ආර්ථිකයන් යථා තත්ත්වයට පත්වෙමින් පැවති බැවින්, 2026 වසරේදී 3.3% ක සහ 2027 වසරේදී 3.2% ක ගෝලීය ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ බවයි.