අලුත් අවුරුද්දෙන් පස්සේ දවසම වෙන්න යන දේ - අප්‍රේල් 15 ගැන රටටම විශේෂ දැනුම්දීමක්

Report

මේ දිනවල පවතින කාලගුණ තත්ත්වය සමඟ ජනතාවට සැලකිලිමත්ව සිටින ලෙස විවිධ දැනුම්දීම් සිදු කරයි. ඒ අනුව එසේ සැලකිල්ලෙන් සිටිය යුතු දවසක් ලෙස අප්‍රේල් 15 පෙන්වා දෙයි.

කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරන්නේ අ‍ප්‍රේල් 15 වැනිදා දක්වා සූර්යයා ශ්‍රී ලංකා­වට ඍජු­වම ඉහ­ළින් පව­තින බවයි.

එසේම ඊයේ දහ­වල් 12:13ට බේරු­වල, ගුරු­ළු­බැද්ද, රක්වාන, ගොඩ­ක­වෙල, උඩ­ව­ලව සහ තණ­ම­ල්විල යන ප්‍රදේ­ශ­ව­ලට හිරු මුදුන් වූ බව ද කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව නිවේදනය කර තිබුණා.

දිවයිනටම පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් - අවුරුදු කටේ මුළු ලංකාවටම දීපු භයානක අනතුරු ඇඟවීම

දිවයිනටම පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් - අවුරුදු කටේ මුළු ලංකාවටම දීපු භයානක අනතුරු ඇඟවීම

තවද මැයි මාසය හෝ ජුනි මාසය වන­විට සුපු­රුදු වර්ෂා­ප­ත­නය ශ්‍රී ලංකා­වට ලැබෙනු ඇති බවට පුරෝ­ක­ථ­නය කරන බව කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් අතුල කරු­ණා­නා­යක මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු පවසා ඇත්තේ,

"නිරිතදිග මෝස­මේදී දැනට තියෙ­න­වාට වඩා වැසි තත්ත්වයේ අඩු­වී­මක් අපේක්ෂා කරන්න පුළු­වන්… ඒ කියන්නේ 30%ට වඩා අඩු­වෙන්න පුළු­වන්.හැබැයි මැයි කියන්නේ එල්නිනෝ එකේ ආර­ම්භ­යක් පම­ණයි. මැයි මාසේ සහ ජූනි මාසය වෙන­කොට සුපු­රුදු වර්ෂාව එයි කියන විශ්වා­සය තියෙ­නවා" යනුවෙන්.

අලුත් අවුරුද්දට සුබම සුබ ආරංචියක් - අනිද්දා ඉඳන් මේ දවස්වල බස්වල, කෝච්චිවල යන අයට විශේෂ දැනුම්දීමක්

අලුත් අවුරුද්දට සුබම සුබ ආරංචියක් - අනිද්දා ඉඳන් මේ දවස්වල බස්වල, කෝච්චිවල යන අයට විශේෂ දැනුම්දීමක්

එසේම අද (07) දින දහ­වල් 12:13 ට දෙහි­වල, මහ­ර­ගම, පන්නි­පි­ටිය, පාදුක්ක, ඇහැළිය­ගොඩ, මස්කෙ­ළිය, සිය­ඹ­ලා­ණ්ඩුව සහ පොතු­විල් යන ප්‍රදේ­ශ­ව­ලට හිරු මුදුන් වනු ඇති බව සඳහන්.

මේ අතර කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරන්නේ උතුරු, උතුරු-මැද, වයඹ, නැ‍ගෙන­හිර පළා­ත්වල සහ මොණරා­ගල, හම්බ­න්තොට දිස්ත්‍රි­ක්ක­වල අද(07) දිනයේ මිනිස් සිරු­රට දැනෙන උණු­සුම අව­ධා­නය යොමු­කළ යුතු මට්ට­මක පව­තින බවයි.

ඊට අමතරව ඊයේ(06) දිනයේ දිව­යිනේ උප­රිම උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 36.2ක් වශයෙන් හම්බ­න්තොට කාල­ගුණ මධ්‍ය­ස්ථා­න­යෙන් වාර්තා වේ.

මේ පාර අලුත් අවුරුද්දට, අවුරුදු උත්සවවලට යන අයට අනිවාර්යයි - විශේෂ දැනුම්දීමක්

මේ පාර අලුත් අවුරුද්දට, අවුරුදු උත්සවවලට යන අයට අනිවාර්යයි - විශේෂ දැනුම්දීමක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්