ඉරානය විනාසයි? අද රෑ 8න් පස්සේ ඉරානයට අත්වන ඉරණම ගැන ට්‍රම්ප් කියපු දෙයින් මුළු ලොවම බියෙන්
ඉරානය එක රැයකින් විනාශ කර දැමිය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානයට ලබාදී ඇති කාලය අද (07) දින රාත්‍රී 8න් අවසන් වන බවයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර ඇත්තේ ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී අද රාත්‍රී 8 වන විට තමාට පිළිගත හැකි ගිවිසුමකට එළඹීමට ඉරානය අපොහොසත් වන්නේ නම් ඉරානයට එරෙහිව දැඩි විනාශකාරී ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
එසේම මධ්‍යම රාත්‍රිය වන විට ඉරානයේ පාලම් සහ බලාගාර සම්පූර්ණයෙන්ම විනාශ කර ඉරානය ගල් යුගයකට ගෙන යාම සිදුකරන බවට ඔහු පවසා තිබෙන බව වාර්තා වේ.
අදින් පසුව ඉරානයට නැවත කිසිදු සහන කාලයක් ලබා නොදෙන බව ද අවධාරණය කරන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම යුද්ධයට සහය නොදැක්වූ රටවලට ද චෝදනා එල්ල කර ඇත.
එමෙන්ම පැය එකහාමාරක පමණ කාලයක් පැවති එම මාධ්‍ය හමුවේ දී ඉරානය විසින් පහරදී විනාශ කළ අමෙරිකානු ප්‍රහාරක යානයේ සිටි හමුදා සෙබලා බේරාගැනිමට සිදුකළ මෙහෙයුම පිළිබද අමෙරිකානු ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් විස්තර කර ඇති බව ද සඳහන්.
එහිදී මෙහෙයුම අති භයංකාර මෙහෙයුමක් වූ අතර මෙහෙයුම සාර්ථක කර ගැනීම සදහා දිවි පරදුවට තැබූ හමුදා සෙබලුන්ට සිය උත්තමාචාරය පිරිනමන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර මැදපෙරදිග යුද ගැටුම් අවසන් කිරීමට ඉදිරිපත් වූ තාවකාලික සටන් විරාමය ඉරානය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී ඔවුන් පකිස්තානය විසින් ඉදිරිපත් කළ අදාළ සටන් විරාම යෝජනාවට ඉරානය නිල වශයෙන් ප්‍රතිචාර දක්වා ඇති අතර සටන් විරාමයක් වෙනුවට යුද්ධය ස්ථීර වශයෙන්ම අවසන් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දී තිබෙනවා.
ඒ වෙනුවෙන් ඉරානය විසින් වගන්ති 10කින් සමන්විත යෝජනාවලියක් ද ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.