රාත්‍රී සමාජ ශාලාවක දරුණු ගින්නක් - 23ක් මරුට
By Mithu
ඊයේ (06) මධ්‍යම රාත්‍රීයේ, ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.
මියගිය පිරිස අතර බහුතරයක් සමාජ ශාලාවේ කාර්ය මණ්ඩලයට අයත් වන අතර, කිහිප දෙනෙකු එම ස්ථානයට පැමිණි සංචාරකයින් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගින්න ඇති වූ අවස්ථාවේ විශාල පිරිසක් එහි සිටියත්, ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. තත්ත්වය පාලනය කිරීම සඳහා ඉන්දීය බලධාරීන් රාත්‍රිය පුරා කටයුතු කළහ.
ගෝවා, ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ පිහිටි කුඩා ප්‍රාන්තයක් වශයෙන්, සෑම වසරකම මිලියන ගණනක් සංචාරකයින් ආකර්ෂණය කරන ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි.