ශ්‍රී ලංකාවේ සුරාසැල් වලින් ජනාධිපති පෙරළියක් වෙන්න යයි...භයානක හෙළිදරව්වක්???
Sri Lanka
Bar
Buddika pathirana
Podujana peramuna
Next president
By Aruna
සුපිරි වෙළඳසැල සඳහා සුරාසැල් බලපත්‍ර ලබාදීම වේගවත් කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා සඳහන් කරයි.
එම ක්‍රමය යටතේ අවම වශයෙන් එක් මැතිවරණ කොට්ඨාසයකට නව සුරාසැල් පහක් සදහා බලපත්‍ර නිකුත් කිරීමට සාකච්ඡා වෙමින් යන බව ද මන්ත්‍රීවරයා හෙළි කළේය.
තමනට දැනගන්නට ඇති ආකාරයට මෙම එක බලපත්‍රයක් ලබා දීමට යන්නේ රුපියල් කෝටි 7 ක මුදලකට බවත් මන්ත්‍රීවරයා පැවසීය.
එම කෝටි හතෙන් කෝටියක් ආසනයේ ආණ්ඩුවේ නියෝජිතයා වන ආසන සංවිධායකටත් තවත් කෝටියක් ඊට විරෝධය දක්වන පිරිස් වලටත් බෙදා දීමට සැලසුම් කර ඇති බවත් ඉතිරි කෝටි 5 පොදුජන පෙරමුණේ අනාගත ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ අරමුදලටත් ලබාගන්නා බවට ඔහු තවදුරටත් කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |