වළාකුළු සහිත තවත් ග්‍රහලොවක් සොයාගැනේ (VIDEO)

Mexico NASA new planet solar system TOL-1231 b
By Sewvandhi Jun 12, 2021 04:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 90 ක් ඈතින් පිහිටි විශ්මය ජනක වාතාවරණයක් ඇති ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.ඒ, නාසා හි ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ සහ නිව් මෙක්සිකෝ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින්.

අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටා ඇති එක්ස්ප්ලෝනෙට් එකක පිහිටා ඇති මෙය TOI-1231 b ලෙස නම්කර තිබෙනවා.

TOI-1231 b සංක්‍රාන්ති එක්සොප්ලැනට් සමීක්ෂණ චන්ද්‍රිකාවේ (TESS) දත්ත උපයෝගී කරගනිමින් මෙම සොයාගැනීම සිදුකර ඇති අතර චිලියේ මැගෙලන් මැටි දුරේක්ෂයේ ග්‍රහලෝක සෙවුම් වර්ණාවලීක්ෂය (PFS) භාවිතා කිරීම මඟින් තහවුරු කර තිබෙනවා.

පෘථිවි දින 24 ක් තුළ, TOI-1231 b එහි ආසන්න එම් වාමන තාරකාව වන NLTT 24399 කක්ෂය සම්පූර්ණ කරන අතර එය රතු වාමන ලෙසද හඳුන්වා තිබෙනවා.

මෙම ග්‍රහලෝකය අපගේ සූර්යයාට වඩා කුඩා, සැහැල්ලු හා අඳුරු වන අතර නෙප්චුන් ග්‍රහයාට සමාන බවයි විද්‍යාඥයින් කණ්ඩායම පවසන්නේ. එමෙන්ම පෘතුවියට සමානව වළාකුළු වැනි පෙනුමකින් එය දිස්වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

You may like this video


වළාකුළු සහිත තවත් ග්‍රහලොවක් සොයාගැනේ (VIDEO) | New Planet Found


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha