කන්ටේනර් වලට ඉන්ධන ලබා දීමට අලුත් වැඩපිළිවෙළක්
බහාලුම් ප්‍රවාහනයේ නිරත කන්ටේනර් රථ සඳහා ඉන්ධන ලබා ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරිමට වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පියවර ගෙන ඇත.
කොළඹ වරායේ පවතින තදබදය අවමකර ගනිමින් රට තුළට පැමිණෙන ආනයනික බහාලුම් කඩිනම්ව වරායෙන් පිටතට ප්‍රවාහනය හා රටේ අපනයන ආදායමට බලපෑම් එල්ල නොවන පරිදි අපනයන බහාලුම් නිසි වේලාවට වරාය වෙත ප්‍රවාහනය කිරීම වෙනුවෙන් එම පියවර ගත් බව එහි අමාත්‍ය අනුර කරුණාතිලක මහතා නිවේදනය කරයි .
ඒ අනුව විෂමතාවන් ඇති නොවන පරිදි මෙම ක්ෂේත්රයේ යෙදෙන කන්ටේනර් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට එම රථ වල QR කේතය සහිතව සියලු දත්ත අමාත්‍යංශයට ලබා ගෙන ඇත.
තවද බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල පැවසුවේ මහතා ප්‍රකාශ කළේ මේ වනවිට කන්ටේනර් රථ 1325ක දත්ත තොරතුරු අමාත්‍යංශය වෙත ලබා දුන් බවය.
අමාත්‍යවරයා තව දුරටත් සදහන් කළේ ඉදිරිය සතිය තුළ බහාලුම් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීමට එකඟ වු බවයි