පොහොට්ටුව දැඩි අර්බුධයක - ඇත්තම හේතුව මේකද..?

National Peoples Party Anura Kumara Dissanayaka Basil Rajapaksa Sri Lanka Podujana Peramuna Latest Headlines
By Sewvandhi Mar 24, 2024 09:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, ඉදිරි මැතිවරණයකදී මෙරට ඉතිහාසයේ පළමුවරට ජනතාවගෙත් පාලකයාගෙත් අපෙක්ෂාවන් එකක් බවට පත්වන ආණ්ඩුවක් බිහිකරන බවයි.

ඊයේ (23) කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදි එරට සිටින ශ්‍රී ලාංකිකයන් අමතමින් ඔහු මෙම අදහස් පළකළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක,

"බැසිල් පාර්ලිමේන්තු ඡන්දය කලින් තිබුනොත් හොඳයි කියනවා. ජනාධිපතිවරණයකදී වැඩිම අසීරුතාවයකට මුහුණදෙන්නේ ඔවුන් එක්කෝ රනිල්ට සහාය දෙන්න ඕනේ. රනිල්ට සහය දුන්නොත් පොහොට්ටුව ඉවරයි නැත්නම් වෙනකෙනෙක් දාන්න ඕනේ. වෙන කෙනෙක් දැම්මොත් ඡන්ද ලැබෙන්නේ නැහැ. ගෙදර ගියොත් අඹු නසී - මඟ හිටියොත් තෝ නසී. ඒකයි මහමැතිවරණය කලින් ගන්න හදන්නේ. මහමැතිවරණය කලින් ගන්න පුළුවන් රනිල්ට විතරයි. අද පාර්ලිමේන්තුව විසුරුවාහැරියොත් හෙට රනිල්ගේ බලය ඉවරයි.

දැනට දේශපාලන වාතාවරණය අනුව ජනාධිපතිවරණය සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 05 පැවැත්වෙනවා. ඒක වළක්වන්න කාටවත් බැහැ. ජනතාව පීඩාව දරාගෙන ඉන්නේ. මැතිවරණයකදී පාඩමක් උගන්වන්න. රට ගොඩනගන්න අපිත් එක්ක එකතුවෙන්න. ජනතාවගෙත් - පාලකයාගෙත් . අපේක්ෂාව එකක්වෙන ආණ්ඩුවක් අපි හදමු."