කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉන්න බූරු නිලධාරීන් ටික ජනාධිපතිතුමා හුරතල් කළා ඇති
මාලිමා ආණ්ඩුව බලයට පත්ව වසරකට ආසන්න වුවත් තවමත් කීරිසම්බා හා සම්බා සහල් ගැටලුව නොවිසදුණු බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි. මාධ්‍ය සාකච්චාවක් තබමින් ඔවුන් පවසා ඇත්තේ කෘෂිකර්ම නිලධාරීන් නිසි ලෙස තම සේවාව ඉෂ්ට නොකරන බවයි.
රටේ කෘෂිකාර්මික අමාත්‍යාංශයේ නිලධාරීන් ලක්ශ ගණන් සිටියද ඔවුන් කරන කාර්‍යභාරය පිලිබදව නොසතුටු බව ඔවුන් පවසයි.
"කෘෂිකර්ම නිලධාරී හැත්ත 60%ක් ඉන්න බූරු නිලධාරීන් ටික. ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දක් වෙනවා.හැබැයි තාම කීරිසම්බා සම්බා ප්‍රශ්ණෙ තියෙනවා.මේක රටේ මාධ්‍යත් එක්ක කතා කරනවා. මේ වසරේ හොදින් වැසි ලැබුණා. වැව් අමුණු පිරුණා.නමුත් කෘෂිකාර්මික නිලධාරීන්ට ඒ දේවල් හරියට කළමනාකරණය කරන්න බැරි වුනා."
මේ හේතුව මත රටේ කීරිසම්බා ඇතුලු පොල් බිත්තර,පරිප්පු හාල් බීලූණූ ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනයට නිසි සැලැස්මක් අවශ්‍ය බවත් ඒ සදහා නිලධාරීන් මෙහෙයවීමට අමාත්‍යවරයා හා ජනපති කටයුතු කල යුතු බවත් ඔවුන් පවසයි