ජාතික ගීය ගායනය ගැන මාර්ගෝපදේශ මාලාවක්

Sri Lanka
By Sewvandhi Aug 22, 2023 01:41 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවෙන් ජාතික ගීය ගායනා කිරීම පිළිබඳ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට යෝජනා කර තිබේ.

උමාරා සිංහවංශ විසින් ජාතික ගීය නිවැරදි නොවන ආකාරයට ගායනා කර ඇත් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

එනම්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු සහ විමර්ශන නිලධාරියෙකු අදාළ කමිටුවට පත් කළ අතර ඔවුන් මේ සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

මෙමගින් ජාතික ගීය ගායනා කළ යුතු ආකාරය පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුව ඔස්සේ සම්මත කරගැනීම යෝජනා කර ඇති බව සඳහන් ය.

ඊට හේතුවී ඇත්තේ මෙරට ජාතික කොඩිය භාවිත කළ යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සඳහන්ව තිබුණ ද ජාතික ගීය ගායනයේදී මධ්‍ය ස්වරයෙන් ගායනා කළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණක් සඳහන්ව තිබීම ය.

කෙසේවෙතත් උමාරා සිංහවංශ ජාතික ගීය උච්ඡ ස්වරයෙන් ගායනා කර ඇති බවට කමිටුව විසින් හදුනාගෙන ඇති අතර එය ඇය විසින් ද පිළිගෙන තිබේ. විමර්ශන කණ්ඩායම විසින් මීට අදාළ වාර්තාව පසුගියදා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදී ඇත.

ReeCha