ගැහැණුන්ට වැඩිපුරම කතන්දර හැදුවේ ගැහැණු – නර්මදා (PHOTOS)

sri lanka Sri lanka gossip narmada
By Sithumi Sep 19, 2021 05:40 PM GMT
Sithumi

Sithumi

Report

නර්මදා යාපා අබේවර්ධන ජනප්‍රිය නිරූපිකාවක්, වැඩසටහන් නිවේදිකාවක්, මෙන්ම නර්තන ශිල්පිනියක් ලෙසත් අපට හඳුනාගත හැකියි. මේ දිනවල හිරු ආයතනයේ කොපි චැට් වැඩ සටහන හා සම්බන්ධ වී සිටින ඇය USA ආයතනයක director promotion කෙනෙකු ලෙසත් කටයුතු කරනවා. 

එමෙන්ම මිස් ශ්‍රී ලංකා සහ මිසිස් ශ්‍රී ලංකා යන තරඟාවලි දෙකම ජයග්‍රහණය කිරීමට ඇයට හැකියාව ලැබෙනවා. බොහොම කටකාර දඟකාර මෙන්ම රූමත් චරිතයකට ද හිමිකම් කියන නර්මදා බොහොම ආකර්ෂණීය චරිතයක්. නමුත් අද වන විට විවාහයන් දෙකකට සමු දී සිටින නර්මදා පුංචි පුතුන් දෙදෙනකුගේ මවක් ලෙස තනිවම වාසය කරනවා. 

 කොතෙකුත් ප්‍රශ්න බාධක හමුවේ වුවත් නිතරම සිනාමුසු මුහුණින් යුතු ව සිටීම නර්මදාට නම් ලොකු දෙයක් නෙවෙයි. නමුත් ඇය පවසන ආකාරයට නම් සම්බන්ධතා තුළ දී ඇය විශාල වශයෙන් විඳ වූ බවයි පවසන්නේ. නමුත් සියල්ල අවසානයේ සැමියන් දෙදෙනෙකුට සමු දී දරුවන් දෙදෙනා සමඟ තනිවම ජීවත් වීමට අපේක්ෂා කරන බවයි ඇය සඳහන් කරන්නේ. කෙසේවෙතත් පසුගිය දිනක ඇය තම ෆේස්බුක් ගිණුමෙහි ඉතා අපූරු සටහනක් තබා තිබුණා.

එය ඇයගේම වචනයෙන් කියනවා නම්, “ගැහැණුන්ට වැඩිපුරම කතන්දර හැදුවේ ගැහැණු. ඇඟේ ගානට ගැලපෙන ඇඳුමක් නැතුව පැය ගණන් ෆිටෝන් රූම් වල හූල්ලන ගෑනු, හැමෝම නෙවෙයි, ඒත් බහුතරයක් ගැහැනුන්ට කතන්දර හැදුවේ ගැහැනු.” බොහෝවිට කෙලින් කතා කිරීමට හැකියාවක් ඇති නර්මදා මෙවැනි ප්‍රකාශයක් කළේ ඇයිද යන්න නම් ගැටලුවකි. කෙසේ වෙතත් ඇත්තටම කවුරුන් හෝ පුද්ගලයකුට ද ඇය එසේ පැවසුවා වන්නටද හැකියි .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha