".ඡන්දය අපට අදාල නෑ.." ප්‍රබලයකු කියයි..

By Sewvandhi Jan 25, 2023 12:46 PM GMT
Report

පළාත් පාලන මැතිවරණය මේ අවස්ථාවේ තිබිය යුතු ද නැද් ද, බදු අසාධාරණ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මහ බැංකුවට අදහසක් ප්‍රකාශ කළ නොහැකි යැයි මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඡන්දය සම්බන්ධයෙන් හා බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වගකීම පැවරී ඇත්තේ වෙනත් පාර්ශවයකට බවද ඒ පිළිබඳව මහ බැංකුවට වගකීමක් නැතැයි ද මහබැංකු අධිපතිවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවදී මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අධිපතිවරයා මේ බව පැවැසීය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now