අන්දරේගෙ කතාවලට මිනිස්සු හිනා වෙවී අත්පුඩි ගැහුවා අන්තිමේ අන්දරේ රජවුනා - නාමල්ගෙන් සැර ප්‍රකාශයක්

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවතින ආණ්ඩුව තමන්ගේ පැවැත්ම වෙනුවෙන් රටේ සංස්කෘතියට, ආගමට සහ නීතියට පටහැනිව කටයුතු කරන බව  පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශවල සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමය ගැන විශේෂ දැනුම්දීමක්

පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශවල සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමය ගැන විශේෂ දැනුම්දීමක්

"ලාල් කාන්ත මහතා කෝට් එකට ගහනවා යැයි කීමෙන් අදහස් කළේ රටේ පවතින නීතියට පහර දීමයි.සිවුරෙන් වැඩක් නැතැයි කීමෙන් ආගමටත්, ඇඳුම අදාළ නැතැයි කීමෙන් ජාතියටත් පහර දෙන බව පැහැදිලියි. තමන්ගේ ආණ්ඩුව රැකගැනීම වෙනුවෙන් ඕනෑම සංස්කෘතික හෝ නීතිමය පදනමක් බිඳ දැමීමට ඔවුන් සූදානම් බව මෙයින් පෙනී යනවා.

ලෙනින්ගේ ප්‍රතිපත්ති අනුගමනය කරනවා යැයි පවසන ඇතැම් දේශපාලනඥයන් අද කටයුතු කරන්නේ මර්දනය හා තර්ජනය මූලික කරගනිමින්.

ලාල් කාන්ත මහතා බෲස් ලී වගේ පහර දෙනවා යැයි කීවත්, මේ යන විදිහට ආණ්ඩුවේ 159 දෙනාට ගමේ කරාටේ මාස්ටර් කෙනෙකුගෙන් හෝ පුහුණුවක් ලබා ගැනීම සුදුසු බව මම හිතනවා.

අද ජනාධිපතිවරයාගේ හිත රිදුණු සැණින් අනෙකුත් සියලු රාජකාරි පසෙකලා ඔහුගේ හිත සනසන්නට පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනවා.

අපේ පාලන කාලයේදීත් ඔය ආකාරයට නීතිය ක්‍රියාත්මක කළා නම්, අද ඔය ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයෙන් අඩකට වඩා පාර්ලිමේන්තුවේ ඉතිරි වන්නේ නැහැ. අපි අන්දරේ රජ වූ කතාව අසා තිබෙනවා.

අන්දරේගේ විහිළුවලට රජතුමා හිනා වෙවී සිටියා වගේම, මේ අය කියපු බොරු දෙස බලා ජනතාවත් එදා හිනා වෙවී අත්පුඩි ගැහුවා. අවසානයේ අන්දරේ රජ වුණා වගේ අද කෙනෙක් රජ වෙලා ඉන්නවා.

එදා කියපු බොරු අද බලයට ආ පසුවත් ඔවුන් කියමින් සිටිනවා. වෛරය, කුහකත්වය සහ ප්‍රතිපත්තියක් නැතිකම නිසා අද ඡන්දය දුන් සහ නොදුන් සෑම ජන කොටසකටම මෙහි පලවිපාක විඳීමට සිදු වී තිබෙනවා.

මේ ආණ්ඩුවට එක ප්‍රතිපත්තියක් නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න 159 දෙනා ප්‍රතිපත්ති 159ක ඉන්නා බවයි පෙනෙන්නේ. ඇතැම් ඇමතිවරු පවසනවා තමන්ගේම මන්ත්‍රීවරුන්ව හඳුනන්නේ නැහැ කියා. එක කණ්ඩායමක් බටහිර NGO සහ USAID වැනි ආයතනවල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා.

දකුණු මුහුදේදී ඇල්ලූ යාත්‍රා තුළ තිබී හමුවූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම හෙළිවේ

දකුණු මුහුදේදී ඇල්ලූ යාත්‍රා තුළ තිබී හමුවූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම හෙළිවේ

ඒ අතර විජේවීර මහතා ආරම්භ කළ සැබෑ පීඩිත පන්තිය වෙනුවෙන් පෙනී සිටි පිරිස අද පක්ෂය තුළ අසරණ වෙලා. 'සැබෑ ජේ.වී.පී එක කොහේද?' කියා අද ඔවුන්ටම ප්‍රශ්නයක් මතු වී තිබෙනවා."