ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාව සම්බන්ධයෙන් සංවේදී කතාවක් මතුවෙයි

Report

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවට එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර අදට (25) වසර 28ක් ගතව තිබෙන බවට වාර්තා වේ.

1998 වසරේ ජනවාරි මස 25දා එනම් අද වැනි දවසක උදෑසන 6.05ට පමණ මෙම ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වූ බව වාර්තා වේ.

එහිදි මහනුවර නාථ දේවාලය දෙසින් පැමිණි බෝම්බ පටවාගත් ලොරියක් පුපුරුවා හැර එල්.ටී.ටී.ඊ සංවිධානය එය විනාශය සිදුකර තිබුණි.

“ඔයා බෲස් ලී නම්, මම මයික් ටයිසන්” - චාමර ලාල්කාන්තට අභියෝග කරයි

“ඔයා බෲස් ලී නම්, මම මයික් ටයිසන්” - චාමර ලාල්කාන්තට අභියෝග කරයි

එසේම බෝම්බ ප්‍රහාරයෙන් බැතිමතුන් 16දෙනෙකු මියගිය අතර ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සැකකරුවන් තිදෙනකුට මරණීය දණ්ඩනය නියම කිරීමට තීරණය කළේය.

බෝම්බ ප්‍ර‍්‍රහාරයෙන් විනාශ වූ දළදා මාළිගාවේ ස්ථාන රැසක් රුපියල් මිලියන 150ක පමණ වියදමින් එවකට ප්‍රතිසංස්කරණය කරන ලදී. කෙසේ වෙතත් ප්‍රහාරයෙන් දළදා වහන්සේ වැඩසිටි දළදා මැඳුරට කිසිදු විනාශයක්‌ සිදුනොවීම විශේෂයි.

එම කනගාටුදායක දිනය සිහිපත් කරමින් සංවිධාන කිහිපයක් විසින් වැල් බෝධිය අසල බෝධි පුජාමය පින්කමක් පවත්වා මියගිය පිරිසට පිං අනුමෝදනා කර තිබෙන බවට වාර්තා වේ.

අවදානම් තත්ත්වයක් - පාසල් වැසේ ගුවන් ගමන් නවතියි

අවදානම් තත්ත්වයක් - පාසල් වැසේ ගුවන් ගමන් නවතියි