සජබය දිනුම ගද්දි මාලිමාවට අන්ත පරාජයක්

Report

අම්පාර දිස්ත්‍රික්කයට අයත් දෙහිඅත්තකණ්ඩිය සීමා තුළ විවිධ සේවා සමුපකාර සමිතියේ බලය සමගි ජන බලවේගයට අයත් පොදු විපක්ෂයට හිමිව තිබේ.

දෙහිඅත්තකණ්ඩිය සමුපකාර පරිශ්‍රයේදී, සහකාර සමූපකාර කොමසාරිස් නලින් මහි කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ සභාපතිවරයා ඇතුළු නව අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත් කිරීමේ නිලවරණය ඊයේ (24) පැවැත්විණි.

අවදානම් තත්ත්වයක් - පාසල් වැසේ ගුවන් ගමන් නවතියි

අවදානම් තත්ත්වයක් - පාසල් වැසේ ගුවන් ගමන් නවතියි

නිලවරණයට සමාජිකයින් 72 දෙනෙකු සහභාගි වු අතර, පොදු විපක්ෂයට ඡන්ද 46ක් සහ ජාතික ජන බලවේගයට ඡන්ද 23ක් හිමිවිය.

ඉන් ඡන්ද 3ක් ප්‍රතික්ෂේප වූ අතර, වැඩි ඡන්ද 23ක් සමගි ජන බලවේගයට හිමිවීම නිසා පොදු විපක්ෂය ජයග්‍රහණය කළේය. එහි හිටපු සභාපති, සමගි ජන බලවේගයේ G.M. ජයවර්ධන මහතා, නැවත නව සභාපතිවරයා ලෙස පත් වී තිබේ.

ගුරුවරුන්ට අලුත් නීති - රජයෙන් අලුත් සැලැස්මක්?

ගුරුවරුන්ට අලුත් නීති - රජයෙන් අලුත් සැලැස්මක්?