නාමල් රාජපක්ෂ සිටි නිවසක හදිසියේම ගින්නක්..වහාම ගිනි නිවන රථ ක්‍රියාත්මක වෙයි.

Sri Lanka Police Colombo Namal Rajapaksa Fire Accident
By Aruna Oct 21, 2024 07:06 AM GMT
Aruna

Aruna

Report

කොළඹ 7 මලලසේකර මාවතේ රජයේ මන්ත්‍රී නිල නිවසක ඇති වූ හදිසි ගින්න විනාඩි කිහිපයක් තුළදී නිවා දැමූ බව කුරුඳුවත්ත පොලිසිය පවසනවා.

මෙම දෙමහල් නිල නිවස මීට මාස අටකට පමණ ඉහතදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පදිංචිව සිට ඇති අතර ඉන් අනතුරුව විදුලිය විසන්ධි කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරය ගැන ගම්මන්පිල හෙළි කරන විශේෂ හෙළිදරව්ව මෙන්න..සජීවී විකාශනය මෙතනින් නරඹන්න(LIVE)

පාස්කු ප්‍රහාරය ගැන ගම්මන්පිල හෙළි කරන විශේෂ හෙළිදරව්ව මෙන්න..සජීවී විකාශනය මෙතනින් නරඹන්න(LIVE)


පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, දැනට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වකුඹුර මහතා වෙත වෙන්කර ඇති රජයේ නිල නිවාසය අලුත් වැඩියා කටයුතු සිදු කරමින් සිටියදී, විදුලි බල මණ්ඩලය මගින් විසන්ධි කර තිබූ විදුලිය නැවත ලබාදී පිට වී යාමෙන් අනතුරුව විනාඩි 30 කට පමණ පසු නිවසේ උඩු මහලේ වායු සමීකරණ යන්ත්‍රයකින් මෙම ගින්න හටගෙන තිබූ බවයි.

එය ගිනි ගන්නා අයුරු නිවසේ පින්තාරු කටයුතු යෙදී සිටි පුද්ගලයෙකු දැක පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවන රථ දෙකක් පැමිණ ගින්න සම්පූර්ණයෙන් නිවා දමා පාලනය කිරීමට කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.

17 හැවිරිදි පාසල් සිසුවියන් දෙන්නගෙන් එක් සිසුවියකට අත්වූ අවාසනාවන්ත ඉරණම..අනෙක් සිසුවිය රාත්‍රී තනිවම මහ මඟ.

17 හැවිරිදි පාසල් සිසුවියන් දෙන්නගෙන් එක් සිසුවියකට අත්වූ අවාසනාවන්ත ඉරණම..අනෙක් සිසුවිය රාත්‍රී තනිවම මහ මඟ.


ඇති වූ ගින්නෙන් වායු සමීකරණ යන්ත්‍රයේ අභ්‍යන්තරය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ බව ද පොලිසිය පවසයි.

ගින්නෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැති අතර වෙනත් දේපළ හානි කිසිවක් ද සිදුව නැතැයි පොලිසිය ප්‍රකාශ කරයි.