රනිල්ට ගිය පොහොට්ටු මන්ත්රීවරුන්ගෙන් නාමල්ට ඇමතුම් ගලා එයි..ගිය අයට නාමලුත් ගෑස් පෙන්නයි!..
ජනාධිපතිවරණ උණුසුම ඉහළයත්ම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ගෑස් ටැංකියට සහය පළ කිරීමට එක්ව සිටි පොහොට්ටුවේ මන්ත්රීවරුන් රැසක් නැවත නාමල් රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
ඊයේ(06) දින කුරුණෑගල දිස්ත්රික්කයේ ජන හමු කිහිපයකට එක්ව සිටි පොහොට්ටුවේ ජනපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට මෙලෙස ගෑස් ටැංකියට සහය පළ කරන මන්ත්රීවරුන්ගෙන් දුරකථන ඇමතුම් ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.
ගෑස් ටැංකියට අනාගතයක් නැති බව පවසමින් නැවත පොහොට්ටුවට එක්වීමට අවස්ථාව දෙන්නැයි මෙලෙස කතා කළ මන්ත්රීවරුන් කිහිප දෙනෙකුම ඉල්ලා ඇති බවයි පැවසෙන්නේ.
අපි කිවුවම ඇහුවේ නැති උනාට මිනිස්සු කිවුවම අහන්නම වෙනවා.
අපට සහය පළ කරන්න කලින් මුලින් මන්ත්රි ධුරයේ ස්වාධීන වෙලා ඉන්න යැයි එසේ කතා කළ මන්ත්රීවරුන්ට නාමල් රාජපක්ෂ මහතා පවසා ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව,දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙතෙක් ගෑස් ටැංකියට සහය පළ කරමින් සිටි මන්ත්රිවරුන් කිහිප දෙනෙක් ඉදිරියේ දී ස්වාධීන මන්ත්රිවරුන් ලෙස ප්රකාශයට පත්කිරීමට යන බවයි.