නාමල් රාජපක්‍ෂටත් මනමන්දපෝෂණයද..?

By Sithumi Oct 03, 2022 05:25 PM GMT
Sithumi

Sithumi

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද තමන්ද මන්දපෝෂණයෙන් පෙලෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාව උග‍්‍ර කුසගින්නෙන් පෙළෙන රටවල් අතරට පැමිණ ඇතැයි පළ වූ වාර්තා පිළිබඳ මාධ්‍යවේදීන් කල විමසීමකට ප්‍රතිචාර ලෙස මන්ත්‍රීවරයා මෙසේ කියා සිටියේය.

“2016 ඉඳලා නෙවෙයි මන්දපෝෂණය ඉතිහාසයේ ඉඳලා තියෙනවා ඕනෑ ම රටක. යම් ප්‍රමාණයකට. දැන් කියනවනේ, බිත්තර ගණන්. කිරි ගණන්. මාළු ගණන්. මස් ගණන්. ඕකනේ කියන්නේ. මං උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නෑනේ. මට දැන් මන්දපෝෂණය.

නාමල් රාජපක්ෂ මහත්තයට මන්දපෝෂණය. උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නෑනේ. අර පොළොන්නරුවේ චින්තක, බර උසුලන ශූරයා මිනිහත්, එළවළු විතරයි කන්නේ. උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නෑ. මිනිහට මන්දපෝෂණය.” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය දී මෙම මාධ්‍ය හමුව පැවැත්වින.