වෙනිසියුලාවට වැඩ බලන ජනාධිපතිවරියක්
එක්සත් ජනපදය විසින් ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගෙන රටෙන් පිටුවහල් කිරීමෙන් පසු වෙනිසියුලාවේ ඇති වූ පාලන බලතල අර්බුදයට විසඳුමක් ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් උප ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රිගස් (Delcy Rodríguez) වහාම වැඩබලන ජනාධිපතිනිය ලෙස පත් කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි
ජනාධිපති නිකොලස් මදුරෝ මේ වන විට ඇමරිකානු අත්අඩංගුවේ සිටින බැවින්, ඔහුට රාජකාරි ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් ඇති බව සඳහන් කරමින්, ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනුව එම වගකීම උප ජනාධිපතිනිය වෙත පැවරිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ.
මෙම තීන්දුව මගින් ජනවාරි 03 වැනිදා එක්සත් ජනපද හමුදාව විසින් වෙනිසියුලාවට එල්ල කළ දැවැන්ත මිලිටරි මෙහෙයුමෙන් පසු ඇති වූ බලතල ශුන්‍යතාවය නිරාකරණය කිරීමට බලාපොරොත්තු වේ.
ඩෙල්සි රොඩ්රිගස් මෙතෙක් වෙනිසියුලාවේ උප ජනාධිපතිනිය ලෙස කටයුතු කර ඇති අතර, ඇය මදුරෝ පාලනයේ ඉහළම මට්ටමේ ප්‍රබල චරිතයක් ලෙස සැලකේ. ඇය විදේශ අමාත්‍යංශයේ රාජකාරි ද ඉටු කර ඇති අයෙකි.
එක්සත් ජනපදයේ මෙම මෙහෙයුමෙන් පසු රට තුළ ඇති වූ අර්බුදය හමුවේ චීනය ඇතුළු රටවල් කිහිපයක් දැනටමත් මදුරෝ මහතාගේ නිදහස ඉල්ලා සිටින අතර, ජාත්‍යන්තරයේ අවධානය මේ වන විට වෙනිසියුලාව කෙරෙහි යොමු වී තිබේ.