ව්‍යාජ ‘පොලිස් දැන්වීම්’ ගැන පොලිසියෙන් මහජනයාට විශේෂ දැනුම්දීමක්
සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වන “පොලිස් නිවේදනයක්” ලෙස පෙනෙන ව්‍යාජ පණිවිඩයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට බරපතළ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ සඳහන් වන්නේ, ආරක්ෂක උපදෙස් ලැයිස්තුවක් ඇතුළත් එම පණිවිඩය ශ්‍රී ලංකා පොලිසිය විසින් කිසිදු අවස්ථාවක නිකුත් කර නොමැති බවත්, එය සම්පූර්ණයෙන්ම ව්‍යාජයක් බවත්ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැවසුවේ, එම පණිවිඩයේ අන්තර්ගතය, භාවිතා වන වචන හා නියෝග අනවසර හා නොමඟ යවන සුළු බවත්, එවැනි සත්‍යාපනය නොකළ තොරතුරු බෙදා හැරීමෙන් මහජනතාව අතර අනවශ්‍ය බියක් ඇති කිරීමටත්, සමාජ සාමයට බාධා ඇති කිරීමටත් හැකියාවක් ඇති බවත්ය.
මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, විශේෂයෙන් රජයේ ආයතනවලින් ආරම්භ වූ බව කියන තොරතුරු පැමිණෙන විට ඒවා සත්‍යාපනය කර බලාගෙන බෙදා හැරීමට කටයුතු කරන ලෙසයි.
ශ්‍රී ලංකා පොලිසිය විසින් නිල නිවේදන නිකුත් කරනු ලබන්නේ පහත සඳහන් සත්‍යාපිත මාධ්‍ය හරහා පමණක් බව ද අවධාරණය කර තිබේ:
නිල පොලිස් වෙබ් අඩවිය, පොලිස් මාධ්‍ය අංශය විසින් නිකුත් කරන මාධ්‍ය නිවේදන, සත්‍යාපිත පොලිස් සමාජ මාධ්‍ය ගිණුම් (Facebook, Twitter/X, Instagram ආදිය) පිළිගත් මාධ්‍ය ආයතන හරහා පමණි.
එසේම, වත්මානයේ රට පුරා නීතිය හා සාමය පවත්වාගෙන යාමට සහ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට පොලිසිය සම්පූර්ණයෙන්ම කැපවී සිටින බවත් පොලිසිය ප්‍රකාශ කළේය.
සමාජ සාමය, සහජීවනය හා නීත්‍යානුකූල හැසිරීම පවත්වාගෙන යාම සඳහා සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන ලෙසත්, නිවැරදි හා යාවත්කාලීන තොරතුරු සඳහා නිල පොලිස් සන්නිවේදන මාර්ග පමණක් විශ්වාස කරන ලෙසත් පොලිස් මාධ්‍ය අංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.