මිහින්තලේ හිමිව අත්අඩංගුවේ ගන්න රජය සූදානම්ලු
මිහින්තලා රජමහා විහාරයට අයත් රාජ්‍ය පරිපාලන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මුදල් ලබාගැනීම පිළිබඳ අසත්‍ය චෝදනා මුල්කරගෙන තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් පවසයි.
අද (04) පෙරවරුවේ අනුරාධපුර පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව මාධ්‍ය හමුවේ අනාවරණය කළහ.
මිහින්තලා පුදබිමට අයත් රාජ්‍ය පරිපාලන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මුල්කරගෙන උන්වහන්සේගේ රියදුරුවරයා අද දිනයේ අනුරාධපුර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට කැඳවා තිබූ බව වාර්තා වේ.
පොලිසියේ නියෝගය අනුව රියදුරුවරයා පොලිසියට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත්, තමන්වහන්සේව ද අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවටත් තොරතුරු ලැබී ඇති බව උන්වහන්සේ මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළහ.
මෙම චෝදනා සම්බන්ධයෙන් පූජ්‍ය ධම්මරතන නාහිමියන් මීට පෙර ද සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකර තිබූ අතර, එමගින් මිහින්තලා පුදබිමේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයන් ඇති වී තිබේ. පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටින බව වාර්තා වේ.