වෙනිසියුලාවට එරෙහි එක්සත් ජනපදයේ ආක්‍රමණය ගැන රාජිතත් කට අරී

Report

එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එල්ල කළ හමුදා ප්‍රහාරය හා ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීම කිසිදු රටකට අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අද (04) පැවසීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කඳවුරේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන ඔහු මාධ්‍ය හමුවකදී කියා සිටියේ, “ඇමරිකා එක්සත් ජනපදයේ මෙවැනි ක්‍රියාවන් සාධාරණීකරණය කළ නොහැකි බවයි. මෙය දිගටම පැවතුණහොත් ඕනෑම රටකට තමන් කැමති ආකාරයට වෙනත් රටක් ආක්‍රමණය කිරීමට මාර්ගය විවර වේ” යනුවෙනි.

මදුරෝ රකින්න ජවිපෙ පෙරට ආපු එකත් රජයේ ස්ථාවරයත් ඇමති විජිත පැහැදිලි කරයි

මදුරෝ රකින්න ජවිපෙ පෙරට ආපු එකත් රජයේ ස්ථාවරයත් ඇමති විජිත පැහැදිලි කරයි

කෙසේ වෙතත්, වෙනිසියුලාවේ දිගුකාලීන අභ්‍යන්තර ගැටළු හා අර්බුදය මෙම තත්ත්වයට සැලකිය යුතු ලෙස බලපෑ බව ද ඔහු පිළිගත්තේය.

“වෙනිසියුලාව රැඩිකල් ප්‍රතිසංස්කරණවලට අවධානය යොමු කළ යුතුව තිබුණේ නැහැ” යයි ඔහු සඳහන් කළේය.

ඒ වෙනුවට චීනය මෙන් දැඩි සමාජවාදයට වඩා සමබර සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරමින් ගත් මාවත අනුගමනය කළ යුතුව තිබුණු බව ඔහුගේ මතය විය. අස්ථාවරත්වය හා බාහිර මැදිහත්වීම් වළක්වා ගැනීමට සමබර ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව රාජිත සේනාරත්න මෙහිදී අවධාරණය කළේය.

වෙනිසියුලාවට එරෙහි ඇමෙරිකානු මිලිටරි මැදිහත්වීම ගැන ජවිපෙ දැඩි ලෙස හෙළා දකී

වෙනිසියුලාවට එරෙහි ඇමෙරිකානු මිලිටරි මැදිහත්වීම ගැන ජවිපෙ දැඩි ලෙස හෙළා දකී