වසර 202කට පසු ශ්‍රිලංකාවේ ඉවත කරන තහනම

By Wasantha Jun 26, 2021 04:32 AM GMT
Report

දේශීය අංගම්පොර සටන් කලාව තහනම් කරමින් වසර 202කට පෙර යටත් විජිත යුගයේ පැන වූ සුදු යටත්විජිතවාදී නීතිය ඉවත් කරන බව ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

තහනම ඉවත් කර අංගම්පොර සටන් කලාව ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.

මෙරට සම්ප්‍රදායික අංගම්පොර සටන් කලාව යටත් විජිත යුගයේ දී ඉංග්‍රීසීන් විසින් තහනම් කරනු ලැබූවේ වර්ෂ 1818 දී ඔක්තෝබර් මාසයේ දී ය.

එම සටන් කලාව දැන සිටි කණ්ඩායම් ඝාතනය කිරීමට සහ අතපය කපා දමා අබ්බගාතයින් කිරීමට යටත්විජිතවාදීන් කටයුතු කර තිබිණි. අංගම්පොර සටන් ශාස්ත්‍රය හදාරන එහි ගුරුහරුකම් ලබාදෙන ශිල්පීන් සොයාගෙන මෙම ක්‍රීඩාව ජාතික මට්ටමින් පුහුණු කිරීම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍ය නාමල් රාජපක්ෂ වැඩි දුරටත් සඳහන් කරයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now