මේ ආණ්ඩුවට අස්වැසුම හරි බැංකු ගිණුම්වලට දාගන්නවත් බෑ නාමල් අයෙත් ආණ්ඩුවට දෙහි කපයි
මේ ආණ්ඩුව විසින් දක්ෂ රාජ්‍ය නිළධාරීන්ව පැත්තකට කරලා තියනවා යනුවෙන් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ දොම්පේ ප්‍රදේශයේ රැස්වීමකට එක්වෙමිනි.
තව දුරටත් අදහස් දැක්වූ එතුමා සදහන් කළේ මෙවන් අදහසක්
'' මේ ආණ්ඩුව බොරු කිව්වා කියන එක මේ ආණ්ඩුවම පිළිගන්නවා ඒ හින්දා තමයි සමහරු ඇවිල්ලා කිව්වේ අපි බොරුවක් කිව්වා තමයි හැබැයි අපි අවබෝධයෙන් කිව්වේ . ඒ කියන්නේ ඒ අය පිළිගන්නවා චන්දේ ලබා ගැනීම සදහා ජනාතාව රැවැට්ටුවයි කියන කාරණය අඩුම තරමේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිහිපයක් ක්‍රියාත්මක කරන්න ඒ තැනටවත් එන්න බැරුව ආණ්ඩුව දේශපාලනික වශයෙන් බංකොලොත් වෙලා තියනවා. එනිසා තමයි තමන්ගේ වේදිකාව ඇතුළේ මර්ධනය තියෙන්නේ.
දක්ෂ රාජ්‍ය නිළධාරීන්ව පැත්තකට කරලා තියනවා, දක්ෂ රාජ්‍ය නිළධාරීන්ට විරුද්ධව නඩු දාලා තියනවා .විශ්‍රාම යවලා හැබැයි තමන්ට ඕනෙ විදිහට වැඩ කරන තමන් කියන හැම එකටම හරියි කියලා කියන තමන්ගේ හොරකම් වලට වංචාවලට අනුබල දෙන නිළධාරිව පත් කරනවා . දැන් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයව පාර්ලිමේන්තුවෙන් එයාලා පත් කළේ අද ඔහුට හරි account එකට අස්වැසුම ගෙවාගන්න බැරිවෙලා තියනවා හැකර් කෙනෙක් ආවා කිව්වනේ හැකර් තමා එයා
.අඩුම තරමේ අස්වැසුම හරියට ගෙවනවද ඒකත් නෑ . ඒක වැරදි account එකකට වැටුණාම ඒක ඉල්ල ගන්නවා ආයේ. ගමේ දුප්පත් මනුශ්යට වැඩිපුර ගානක් අස්වැසුම දුන්නම අනෙක් දිස්ත්‍රික්කවලත් දෙන එක නවත්වනවා ''