පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක ගුරුවරයාගේ අභිරහස් මරණය.- සිරුරෙන් ගඟකින් මතුවෙයි.
Sri Lanka Police
Sri Lanka
Crime
Death
By Wayomi
පිරමීඩ ජාවාරමට මුදල් ආයෝජනය කර සිටී බව කියන උපකාරක පන්ති පංති ගුරුවරයකුගේ මළසිරුරක් බොල්ගොඩ ජලාශයෙන් හමු වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී 24 හැව්රිදි මුතුතන්ත්‍රිගේ නිපුන් නවෝද් ප්‍රනාන්දු යන තරුණයෙක්.
ඔහු කොළඹ මරදාන ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු ලෙසින් කටයුතු කරන බවත්, පීරමීඩ ජාවාරමකට මුදල් ආයෝජනය කර සිත් තැවුලෙන් සිට ඇති පොලිසියට තොරතුරු ලැබී ඇත.
මියගොස් ඇති තැනැත්තා අතුරුදන්ව ඇති බවට මොරටුව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවද ඒ අතරතුර ඔහුගේ මළ සිරුර මෙලෙස හමු බවද පොලිසිය පවසනවා.
මරණය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
