මගේ පුතා බෑනා කෙනෙක් ගෙදරට ගෙනාවොත් සතුටින් පිළිගන්නවා.
කේට් වින්ස්ලට් තමන්ගේ පුතා සමලිංගිකයෙකු බවට ඇසූ ප්‍රශ්නයකට සෘජුව පිළිතුරු දී තිබුණේ ඒ අයුරින්. ජෝ ඇල්ෆි වින්ස්ලට් මෙන්ඩිස් කියන්නේ මේ වන විට 21 හැවිරිදි වියේ පසුවන ඇගේ එකම පුතා.
කේට් මුලින්ම විවාහ වන්නේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ ජිම් ත්‍රෙප්ල්ටන් සමගින් වන අතර ඒ විවාහයෙන් ඇගේ පළමු දරුවා වූ මියා ත්‍රෙප්ල්ටන් නම් දියණිය උපදිනවා.
ඉන් පසුවයි ඇය බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ සෑම් මෙන්ඩිස් සමගින් විවාහ වෙන්නේ ඒ විවාහයෙන් තමයි ඇයට ජෝ ඇල්ෆි වින්ස්ලට් මෙන්ඩිස් උපදින්නේ.
මේ වනවිට ඇගේ දියණිය සම්මානනීය නිළියක් වන අතර ඇගේ දක්ෂ රංගනය බොහෝ දෙනාගේ පැසසුමට ලක් වනවා.. ඒ වගේම මේ වනවිට ඇගේ පුතා ජෝත් රංගනයට පිවිසිලයි ඉන්නේ ඔහුගේ පළමු චිත්‍රපටිය මේ වනවිට තිරගත වී ඇති අතර Bonus Trackනම් මේ චිත්‍රපටියේ ඔහු සමලිංගික පෙම්වතෙකුගේ චරිතය රඟපානවා.
ජෝ සමලිංගිකයෙකු බව කේට් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කලේ ඔහුට වයස අවුරුදු 11දී පමන වන අතර , දිනක් ඔහු තමාගෙන් අමුතු ප්‍රශ්නයක් ඇසූ නිසා ඔහුගේ ලිංගික අනන්‍යතාවට ඇය ඉක්මනින් තේරුම් ගත් බව ඇය පවසා තිබුනා. ඔහු කේට්ගෙන් අසා තිබුනේ.
"මම පිරිමි ළමයෙක් විවාහ කර ගන්නවාටද? ගැණු ළමයෙක් විවාහ කරගන්නවටද ? අම්මා කැමති" යනුවෙනුයි. එයට ඇගේ පිළිතුර වී තිබුනේ. ඔයා අදරය කරන කෙනා ඔයා විවාහ කරන්න. එයා පිරිමි කෙනෙක්ද ගෑණු කෙනෙක්ද කියලා කිසිම මොහොතක අම්මට වැදගත් නැති බවයි.
ජෝ රඟපාන Bonus Track ෆිල්ම් එක ඇත්‍තටම ලස්සනයි, පුළුවනම් ඒකත් බලන්න.
