යාළුකමට එහෙම කලේ..මැරෙයි කියලා හිතුවේ නෑ..

Sri Lanka Police Sri Lanka Crime Murder
By Piyumika Oct 03, 2024 10:48 AM GMT
Piyumika

Piyumika

Report

බීමත්ව විහිළු කරමින් සිටි මිතුරන් දෙදෙනෙකු අතර විහිළුව වැඩි වී එක් මිතුරෙකු තල්ලු කිර්මෙන් ඇද වැටුණු මිතුරා මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලීසිය සඳහන් කරයි.

ඕපාත ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි විවාහකයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

දයාසිරිගෙන් පුටුවට බලපෑම් ..නාම යෝජනා ලබා දුනහොත් බලා ගන්නම්ලු..

දයාසිරිගෙන් පුටුවට බලපෑම් ..නාම යෝජනා ලබා දුනහොත් බලා ගන්නම්ලු..

මොහු පසුගිය 30දා ඕපාත, නැහැල පාර ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන නිවසකට ගොස් ඇත. එහිදී ඔහුගේ තවත් මිතුරෙකු මත්පැන් පානය කර එම නිවසෙහි සිට තිබේ.

මේ අවස්ථාවේදී නිවසට පැමිණි සිය මිතුරාට විහිළු කරමින් ඔහු තල්ලු කර ඇති බවත් එහිදී ඒ අසල තිබූ ඇඳට වැටී ඇති මියගිය මිතුරාගේ හිස බිත්තියේ වැදී ඇතැයි සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.

තුන්වන ලෝක යුද්ධය අත ලගයි..ඉරානය හා ඊශ්‍රායලය අතර යුදමය ශක්තිය සංසන්දනාත්මකව (VIDEO)

තුන්වන ලෝක යුද්ධය අත ලගයි..ඉරානය හා ඊශ්‍රායලය අතර යුදමය ශක්තිය සංසන්දනාත්මකව (VIDEO)

මෙහිදී ඇඳට ඇදවැටුණු මියගිය මිතුරා සිහිසුන් වූ බව දැනගත් එම නිවසේ සිටි පුද්ගලයන් වහාම ඔහු මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහිදී ඔහු මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.

මේ අතර සිද්ධියට සම්බන්ධ සැකකරු පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.මිනුවන්ගොඩ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.