ඔන්චිල්ලාවක ගෙල සිර වී දෙදරු පියෙකු මරුට

deaths mundhalama welusumanapura swing
By Sewvandhi May 14, 2021 12:16 PM GMT
Report

ඇන්ටනා වයරයක් ආධාරයෙන් සකස් කර තිබූ ඔන්චිල්ලාවක ගෙළ සිරවීමෙන් දෙදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (13) මෙලෙස මිය ගොස් ඇත්තේ 27 හැවිරිදි මුන්දලම - වේලුසුමනපුර ප්‍රදේශයේ දෙදරු පියෙකු බවයි පොලීසිය සදහන් කළේ.

නිවස අසල කුඩා ගසක බැඳ තිබූ ඔංචිල්ලාවක වාඩිවී සිටියදී ඔහු මෙම අනතුරට ලක්ව තිබෙනවා. වයරයක් ආධාරයෙන් සකස් කර තිබු ඔංචිල්ලාවේ වාඩිවී බුලත් විටක් සපමින් සිටියදී ඔහුගේ ගෙලෙහි වයරය පැටලීමෙන් මියගොස් ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

මෙම පුද්ගලයාට අවුරුදු 3ක කුඩා දැරියක් සහ දින 7ක් වයසැති බිළිඳිකෙු ද සිටින බව සඳහන්. මේවන විට පිළිකාවකට ගොදුරුව සිටින මව සහ මරණයට පත්වී ඇති සොහොයුරෙකුගේ ආබාධිත දරුවා ද රැකබලාගෙන ඇත්තේ මෙම මියගිය පුද්ගලයායි.

මරණය සම්බන්ධයෙන් මුන්දලම පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මියගිය තැනැත්තාගේ ජෛව පටල සාම්පල ලබාගෙන ඇති අතර ඊට අදාළ වාර්තා ලැබීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now