අපි බය නෑ අපේ මන්ත්‍රීලා වැඩි දෙනෙක්ගේ වත්කම් ප්‍රකාශනවල..මං කිවුවා ඉරි ගහන්න කියලා - සුනිල් වටගල

Report

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසින් මැති ඇමතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් වර්තමානයේ ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක සාකච්ඡාව සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනකදී අදහස් දක්වා තිබෙනවා.

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඇතැම් මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කිරීමට වත්කම් නොමැතිවීම නිසා ලැජ්ජාවට පත්වන අවස්ථා පවතින බව සඳහන් කර ඇත.

එසේම “දාන්න දෙයක් නෑ. මොනවයි මේක ලියන්නේ? මම කිව්වා ගහනවා ඉරි. මොකුත් නෑ සමහරුන්ට” යනුවෙන් ද ඔහු එහිදී පවසා ඇති අතර, ඇතැම් අවස්ථාවල තමන්ම අදාළ මන්ත්‍රීවරුන්ට “ඉරි ගැසීමට” උපදෙස් ලබා දෙන බවද ප්‍රකාශ කර තිබෙන බව සඳහන්.

මුලින් වත්කම් චුට්ටයි තිබ්බේ පස්සේ එකපාරම මගේ වත්කම් ටික ඉහළ ගියා - ලාල්ගේ වත්කම් ගැන ලාල්ම කියයි

මුලින් වත්කම් චුට්ටයි තිබ්බේ පස්සේ එකපාරම මගේ වත්කම් ටික ඉහළ ගියා - ලාල්ගේ වත්කම් ගැන ලාල්ම කියයි

මේ අතර වත්කම් ප්‍රකාශ සම්බන්ධයෙන් ඔවුන් කිසිදු බියක් නොමැති බව අවධාරණය කළ ඒ මහතා, “යකාට බය නම් සහොනෙ ගෙවල් හදන්නේ නෑ අපි” යනුවෙන් ද කියා ඇති බව වාර්තා වේ.

එමෙන්ම තමන් යථාර්ථය දැනගෙනම තම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති බවත්, එම ප්‍රකාශ හොඳින් කියවන ලෙසත් මහජනතාවගෙන් ඔහු ඉල්ලා ඇත.

තවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ අමාත්‍ය ධූරය ලබාගැනීමට පෙර තමන් සතු වූ වත්කම්, දෙමාපියන්ගෙන් ලැබුණු දේපළ, වෘත්තීය ජීවිතය තුළින් උපයාගත් දේපළ සහ ඥාතීන්ගෙන් හෝ මිත්‍රයන්ගෙන් ලැබුණු සියලු දේ කිසිදු සැඟවීමකින් තොරව ඉදිරිපත් කර තිබෙන බවයි.

එසේම මේ සියල්ල තම වත්කම් වන අතර ඒවා නොසැඟවා ඉදිරිපත් කර ඇති බවද තහවුරු කර තිබෙනවා.

කෙසේ වෙතත් සුනිල් වටගල මහතා විසින් මන්ත්‍රීවරුන් 150කට අධික සංඛ්‍යාවකින් අහඹු ලෙස එකක් හෝ දෙකක් පමණක් ගෙන ඒවා ප්‍රසිද්ධියට පත්කිරීමක් සිදුවන බව වැඩිදුරටත් කියා ඇති බව සඳහන්.

ජනපති, අගමැති ඇතුළු මාලිමා ඇමතිවරුන්ගේ වත්කම් තොරතුරු ටික මෙන්න

ජනපති, අගමැති ඇතුළු මාලිමා ඇමතිවරුන්ගේ වත්කම් තොරතුරු ටික මෙන්න

අද මේ ලග්නවලට සතුට දෝරෙ ගලලා සැප සම්පත් උතුරන්න තරම් සුබයි

අද මේ ලග්නවලට සතුට දෝරෙ ගලලා සැප සම්පත් උතුරන්න තරම් සුබයි