ඔබේ පාසලේ විදුහල්පතිවරුන් ගුරුවරුන් මේ දේ කරනවා ද ? ඉක්මනින් අගමැතිනියට කියන්න

Report

අධ්‍යාපන පද්ධතිය තුළ නිර්මාණය වී ඇති අර්බුධ ගණනාවකට හේතුව ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හා දේශපාලන මැදිහත් වීම් බවත්, විවිධ හේතුන් මත පාසල් තුළ සිදුකරන මුදල් එකතු කිරීම් පිළිබඳ කඩිනම් පරීක්ෂණ සිදු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

රනිල් නෑ කියපු බටලන්ද වාර්තාව මෙන්න!

රනිල් නෑ කියපු බටලන්ද වාර්තාව මෙන්න!

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශන කාරක සභාවේ පළමු සැසිවාරයේ මතු වූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අද (07) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා.

2026 ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය විෂය නිර්දේශ හදුන්වාදීම, මානව සම්පත සංවර්ධනය කිරීම,යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබද ජනතාව දැනුවත් කිරීම, තක්සේරුව සහ ඇගයීම යන කුළුණු මත පදනම්ව සිදු කිරීමට සැලසුම් කර ඇති බව මෙහිදී අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කර තිබෙනවා.

එලොව ගිහින් මෙලොව ආව කලාකාරිනිය - අහිමි වුණ බැඳීම කවදාවත් මට අමතක කරන්න බැහැලු

එලොව ගිහින් මෙලොව ආව කලාකාරිනිය - අහිමි වුණ බැඳීම කවදාවත් මට අමතක කරන්න බැහැලු

ඊට අදාල ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අනු කමිටු පත්කිරීමට මෙහිදී එකඟතාව පළ වුණා. පාසැල් අතර විෂමතාව අවම කිරීම සහ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට එක් එක් පාසැල් පිළිබඳ භෞතිකව පරීක්ෂා කර අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා දැනට නවතා දමා ඇති ඉදිකිරීම් පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමත්, පාසැල්වල පවතින අනාරක්ෂිත ස්ථාන හඳුනාගෙන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර සංවර්ධනය කිරීමටත් සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කළා.

පවතින ගුරු පුරප්පාඩු සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, ගුරු තුලනය ඇතිවන පරිදි ස්ථාන මාරුවීම් සිදු කිරීම, විදුහල්පති පුරප්පාඩු සහ වැඩ ආවරණය කිරීම, පලාත් පාසැල් සහ ජාතික පාසැල්වල පවතින ගැටළු සහ අධ්‍යාපන පරිපාලනයේ පවතින ගැටළු ඇතුළු කාරණා රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සොනවිරත්න මහතා සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ඒ යටතේ ඇති ආයතනවල නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.