රු. මිලියන 100ක නව ශල්‍යාගාරය මීගමුවට
මෙරට සෞඛ්‍ය සේවාවේ ශල්‍ය සේවා ධාරිතාවයේ ප්‍රධාන වැඩිදියුණු කිරීමක් සනිටුහන් කරමින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ නවීකරණය කරන ලද ශල්‍යාගාර සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම අද (14) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙරට රෝහල් පද්ධතියේ භෞතික සම්පත් සංවර්ධනයට ගෙනයන සැලසුම් සහගත වැඩපිළිවෙළ යටතේ මෙම සංවර්ධන කටයුතු සිදු කෙරෙන අතර ඒ අනුව රජයේ අරමුදල් හරහා වෙන් කරන ලද රුපියල් මිලියන 70 ක මුල්‍ය පිරිවැයක් යටතේ නවීන තාක්ෂණය ද මුසු කරගනිමින් මෙම ශල්‍යාගාර සංකීර්ණය සංවර්ධනය කර තිබෙනවා.
ප්‍රදේශයේ ත්‍යාගශීලී පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු රුපියල් මිලියන 30 ක පමණ මුදලක් ද මෙම නවීකරණය කරන ලද ශල්‍යාගාර සංකීර්ණයට අවශ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා වැය කර තිබෙනවා.
පුළුල් කරන ලද සහ වැඩිදියුණු කරන ලද නව ශල්‍යාගාර සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමත් සමග මීගමුව සහ අවට ප්‍රජාවන් සඳහා ශල්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීමටත්, ශල්‍ය පොරොත්තු ලේඛණය කාලය අඩු කිරීමටත් මෙන්ම සායනික සේවා ශක්තිමත් කිරීමටත් අවස්ථාව හිමිවෙනවා.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, ව්‍යාපෘති හවුල්කරුවන් ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතයි.