නාවික හමුදාවෙන් මහා වැටලීම්

Report

මන්නාරමට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශයක නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ වැටලීමකදී, මත්ද්‍රව්‍ය බවට සැක කරන උර දෙකක් සමඟ ඩිංගි බෝට්ටුවක් අත්අඩංගුවට ගෙන ඇත.

එම ඩිංගි බෝට්ටුවේ පුද්ගලයින් දෙදෙනකු සිට ඇති අතර, ඔවුන් දෙදෙනාද නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

අදාළ බෝට්ටුව සහ සැකකරුවන් මේ වනවිට ගොඩබිම වෙත රැගෙන එමින් ඇති අතර, උර දෙක තුළ තිබූ ද්‍රව්‍ය සම්බන්ධයෙන් විස්තරාත්මක පරීක්ෂණ ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි. 

අධිකරණයෙන් විනාශ කරන විෂ ඖෂධ වාර්තා දෙසැම්බර් 31ට පෙර ඉදිරිපත් කරන්න – නව චක්‍රලේඛය

අධිකරණයෙන් විනාශ කරන විෂ ඖෂධ වාර්තා දෙසැම්බර් 31ට පෙර ඉදිරිපත් කරන්න – නව චක්‍රලේඛය