සා/පෙළ විභාගෙට තවත් කරදරයක් - විභාගය මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදු කරන විශේෂ දෙයක් ගැන දැනුම්දෙයි

Report

අපොස සාමාන්‍ය පෙළ පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ප්‍රකාශ කළේ, විභාග මධ්‍යස්ථාන අවට පරිශ්‍රයන්හි ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීමටත්, මදුරුවන් මර්දනය වෙනුවෙන් ධූමායන (Fogging) කටයුතු සිදු කිරීමටත් මේ වන විට පියවර ගෙන තිබෙන බවයි.

සා.පෙළ විභාග අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - හෙට දින

සා.පෙළ විභාග අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - හෙට දින

එමෙන්ම විභාග කාල සීමාව තුළ දරුවන්ට කිසිදු බාධාවකින් තොරව තම කටයුතු කරගෙන යාමට හැකි ආකාරයට ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීමත් මෙහි අරමුණ වී ඇත.

ඊට අමතරව පාසල් බලධාරීන් සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහයෝගය ඇතිව විභාග ශාලා පිරිසිදුව තබා ගැනීමට ද උපදෙස් ලබා දී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

සා.පෙළ පැවැත්වෙන කාලසීමාවේ කාලගුණයේ වෙනසක් ගැන දැනුම් දෙයි

සා.පෙළ පැවැත්වෙන කාලසීමාවේ කාලගුණයේ වෙනසක් ගැන දැනුම් දෙයි

ජූලි මාසයේ අග සිට රට අඳුරේ - දැවැන්ත විදුලි අර්බූදයක් - ගම්මන්පිල

ජූලි මාසයේ අග සිට රට අඳුරේ - දැවැන්ත විදුලි අර්බූදයක් - ගම්මන්පිල