පෞද්ගලික බැංකුවක මිලියන 290ක් අස්ථානගත වීමේ සිද්ධියට 5ක් රිමාන්ඩ්
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා පෞද්ගලික බැංකුවක මිලියන 290ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 19 දෙනා අතරින් සැකකරුවන් පස් දෙනෙකු තවදුරටත් ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙන අතර අනෙක් සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස ඊයේ(13) නියෝග නිකුත් කර තිබේ.
සිද්ධියට අදාල සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කර තිබේ.
එමෙන්ම මෙම පෞද්ගලික බැංකුවේ මිලියන 290ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම බැංකුවේ සේවකයන් දෙදෙනෙකු ඇතුලු සැකකරුවන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද අධිකරණයෙන් අනාවරණය විය.
පෞද්ගලික බැංකුවක කාඩ්පත් හා ගිණුම් සකස් කර දීම වෙනුවට අමතර ආදායමක් ලබා දෙන පවසා එම බැංකුවේ පොදු ලෙජර් ගිණුමේ තිබු මිලියන 290ක් වංචා කිරීම සිදුව ඇත.