අයර්ලන්තයට ලකුණු 96ක සුපිරි ජයක්
2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ අද දින පැවති අයර්ලන්තය සහ ඕමානය අතර තරගය ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්ව ඇත.
ඒ ඕමානය ලකුණු 96කින් පරාජය කිරීමට අයර්ලන්ත කණ්ඩායමට හැකි වීමත් සමඟයි.
මෙහිදී කාසියේ වාසිය දිනාගත් ඕමාන් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට අයර්ලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියා.
එමෙන්ම පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 235ක් ලබා ගැනීමට සමත් විය.